Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දසුන් පතිරණ බදින්න කලින් තාත්තා කෙනෙක් වෙලා ඔන්න (PHOTOS)







දසුන් පතිරණ කියන්නේ ටිකක් වෙනස් විදිහට හිතන පතන චරිතයක්. හැබැයි දසුන් දක්ෂ නලුවෙක්. අපි මේ කියන්න හදන්නේ දසුන්ගේ රංගන දිවිය ගැන නම් නෙමෙයි. පුද්ගලික ජීවිතේ වෙල තියෙන වෙනස්කම් ගැනයි.
දසුන් පැරීසියට පාර කියන හි මල් මල්ට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
තවම කොටස් දෙකක් විකාශනය වුණේ. මේ මොහෝතේ මගේ ටෙලිනාට්‍යක් විකාශනය වුණේ නැහැ. මොකද මම කාලයක් ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායකවුණේ නැහැනේ. තව ටිකක් යනකොට වැඩිවෙයි කියල හිතනවා.
දසුන්ගේ පුද්ගලික ජීවිතේ ලොකු වෙනසක් වෙලා නේද?
ගොඩක් කට්ටිය ඔය ප්‍රශ්නය ගැන අහනවා. ළගකදී තමයි ඔය කතාව ගොඩක් දෙනෙක් දැනගත්තේ.
දසුන් තාත්තා කෙනෙක් වෙන්න යනවා නේද?
ඔව් තාත්තා කෙනෙක් වෙන්න යනවා.
ෆොටෝ ෂූට් එකක් එහෙම කරලා අන්තර්ජාලයට දැම්මේ ඇයි?
මට හිතුණා බබා හම්බවෙන්න කලින් පින්තූර ටිකක් ගන්න ඕනෑ කියලා. මොකද මම වෙඩින් ෆොටෝ ගන්න කැමති නෑ. මම වෙඩින් වලට කැමති නැහැ. අනික මම මේ මොහොතේ තාත්තා කෙනෙක් වෙන්න මගේ වයස හරි කියලා හිතුවා.
වෙඩින් එකක් ගන්නේ නැතිව තාත්තා කෙනෙක් වෙන්න හිතුවේ ඇයි?
ලලිත් රත්නායකගේ ටෙලි නාට්‍යක තාත්තා කෙනෙක්ගේ චරිතයක් කළා. ඒක හින්දා තමයි මටත් තාත්තා කෙනෙක් වෙන්න ඕනෑ කියලා හිතුවේ.
විවාහය ලොකුවට කරන්න ඕනෑ නැහැ කියන්නේ ඇයි?
ලෝකෙට පේන්න ණයවෙලා වෙඩින් ගන්නවා කියන්නේ බොරු වැඩක් . මගේ මතය අනුව නම් දරුවන් එක්ක සුන්දරව අවුරුදු පනහක් හැටක් ගතකරලා වෙඩින් එකක් ගන්න ඕනෑ කියලා. ලෝකෙට පේන්න වෙඩින් අරගෙන සති දෙකෙන් ඩිවෝස් වෙන අයත් ඉන්නවානේ. අවුලක් නැහැ. සල්ලි තියෙනවා නම් වෙඩින් එකක් ගන්න එපායැ. ඒ බොරුව කරන්න මම අකමැති.
දසුන් ලෝකෙට පේන්න වෙඩින් එකක් ගන්නේ නැහැ. එහෙමද?
නැහැ.වෙඩින් අරගෙන නැහැ. හැබැයි ඔය දරුවෙක් හදන්නේ.
ඔබේ ආදර කතාව ගැනත් හරියට අන්තර්ජාලය පුරාවටම කතාබහ වුණා?
ඒවා ගැන මට ප්‍රශ්නයක් නැහැ. අනික මට ඒවා අදාළ නැහැ. ගොසිප් සයිට් තියෙන්නේ ඔය වගේ දේවල් බලා ගන්නනේ. මම ඒවා අදාළ කරගන්නේ නැති හින්දා ඔවුන්ට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. හරි දේ දන්න කට්ටිය දන්නවා . එතනින් එහාට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
දසුන්ගේ ආදර කතාවට අවුරුදු තුනක් විතර වෙනවා කියන්නේ ඇත්තද?
ආදර සම්බන්ධතාවය පටන් අරන් අවුරුදු තුනක් විතර වෙනවා.
බිරිද හංසි ලංකාවට ආවේ මෑතකදී නේද?
එයා නිතර ලංකාවට එනවා යනවා. දරුවෙක් හදන්න ඕනෑ කියපු නිසයි එයා ලංකාවට ආවේ. ගෙදරින් මේ තීරණ ගැන ප්‍රශ්නයක් නෑ. මට ඕනෑ දෙයක් කරන්න නිදහස දීලා තියෙන්නේ.
වගකීම් වැඩිවුණ නිසා රඟපෑමට සීමාවන් වැටේවිද?
මම හිතන්නේ නැහැ ඒක මට ප්‍රශ්නයක් වේවි කියලා. කොහොම කළත් රඟපෑම කියන්නේ මගේ ජීවිතයේ අංක එක. දරුවෙක් හදනවා කියන එකත් මගේ ජීවිතයේ මූලික අරමුණ . තව ඉදිරියේදී මගේ ජීවිතයට මොනවා වෙයිද කියලා දැන්ම කියන්න බැහැ.
ජීවිතයේ ගත්තු තීරණ ගැන මොකද හිතන්නේ?
සතුටුයි. කිසිම වැරදීමක් වෙලා නැහැ. මොකක් හරි හේතුවක් උඩ මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියමුකෝ. ඒකත් ජීවිතයට ලැබුණු හොද අත්දැකීමක් විදිහටයි මම දකින්නේ.
බිරිඳගෙන් ගෙදරින් මේ තීරණය ගැන මොකද කියන්නේ?
එහෙම ප්‍රශ්න නැහැ. මොකද ඔවුන් ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඔවුන් විදෙස්ගතවෙලා තමයි ජීවත් වුණේ. එතකොට ඔවුන්ට ඒක එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. අනික ඔවුන්ට ජීවන රටාව ගැන හොද අවබෝධයක් තියෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ.
බිරිඳගේ ගෙදරින් විවාහ වෙන්න ඕනෑ කියලා කිව්වේ නැද්ද?
නැහැ. එහෙම ඉල්ලීමක් කළේ නැහැ.
යාලුවෝ මේ තීරණය ගැන මොකද කියන්නේ?
ළග ඉන්න සියලුම දෙනා මේ ගැන දන්නවා. දන්නේ නැති අය තමයි කතා කරලා අහන්නේ. එතකොට විස්තරේ කියනවා. මාව දන්න අය දන්නවා මගේ විදිය මේකයි කියලා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply