Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලංකාවේ වෙරළ රැසක් තිබෙනවා..එහි වායුව ඉතා පිරිසිදුයි - මා ඉපදුණෙත් දිල්ලියේ ලාංකිකයන් මෙවැනි තත්ත්වයකට මුහුණ දී නැහැ - ඉන්දියාවම දොස් පවරද්දි ශිකර් ධවාන් ලංකාවේ සහයට එයි (PHOTOS)



ශ්‍රී ලංකාවේ වාතය පිරිසුදු බවත් දිල්ලියේ වායු දූෂණය හා දුමාරය ටෙස්ට් තරගයට බලපෑමක් ඇත කළ බවත් ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ නිමාවෙනම් පසුව ඊයේ (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී දවාන් මේ බව සඳහන් කළේය.

 "මම ඉපදුණේ හැඳුනේ දිල්ලියේ.   මේ මාසයේදි වායු දූෂණය ඉහළයි. මේ මොහොතේදී හොඳ හිරු රශ්මියකුත් නැහැ. සමහර විට හිරු රශ්මිය තිබුණානම්  දූෂණය අඩු විය හැකිව තිබුණා. මම හිතන්නේ නෑ ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැටලුවක් කියා. ෂාමි ගැන කතා කළොත් ඔහු හොඳින්. ඔහු හොඳින් ක්‍රීඩා කරාවි.”

අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහොමයක් වෙනත් ප්‍රාන්තවලින් පැමිණි අය. ඔවුන්  දිල්ලියේ මෙම දූෂණයට මුහුණ දී නෑ. නමුත් ඔවුන් රාජකාරියට අනියුක්ත වෙලා ඉන්නේ. දිල්ලයේ ක්‍රීඩා කරන විට ඇතැම් වෙලාවට ඔබට දූෂණය බලපාන්නේ නෑ.

මම කවදාවත් කියන්නේ නෑ දිල්ලියේ වායු දූෂණයක් නෑ කියා. සත්‍ය වශයෙන්ම දූෂණයක් තිබෙනවා. සෘත කාලයේදී දැඩි මීදුමක් තිබෙනවා. මොන තත්ත්වයකට වුවත් අපි හැඩගැසිය යුතුයි. ඔබ රටකට ක්‍රීඩා කරන විට ඔබ රැකියාව කළ යුතුයි”

ධවාන්  පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මෙවැනි තත්ත්වයනට  මුහුණ දී නැති බවයි. එසේම ශ්‍රී ලංකාවේ වායුව ඉතාමත් පිරිසිදු බවද ඔහු පවසයි.
"සමහර විට ඔවුන් අපහසුතාවයට පත්වෙන්න ඇති, සමහරවිට ශ්‍රී ලංකාවේ දූෂණය අඩු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙරළ රැසක් පවතිනවා. වෙරළවල් වටා ඇති නගරයක් පරිසරය දූෂණයෙන් තොරයි.
සැබවින්ම මට අවශ්‍ය නෑ දිල්ලියේ දූෂණය හංගන්නෙ. "සමහර විට ඔවුන්ට එය ගොඩක් දැනෙනවා ඇති.  මම දන්නේ නැහැ. නමුත් මම තවමත් අවධාරණය කරන්නේ අපේ වගකීම ඉටු කළ යුතුයි. එය ක්‍රිකට් ක්‍රීඩා කිරිමයි.”

කෙසේ වෙතත් ශ්‍රීලංකා ක්‍රීඩකයින් මුඛවාඩම් පළඳමින් ක්‍රීඩා කිරීම විරාත් කෝලිට ලකුණු 300 ලබා නොදීමට ශ්‍රීලංකාව ගත් උපක්‍රමයක් බව හිටපු ඉන්දීය පිතිකරු විරෙන්ඩර් ෂේවාග් පවසයි.ශ්‍රී ලංකා ක්‍රීඩයන්ගේ එම හැසිරීම හිටපු ඉන්දීය පිතිකරුවගේ දෝෂ දර්ශනයට ලක්වී තිබුණි.

මේ අතර ශ්‍රීලංකා ක්‍රීඩකයන් තිදෙනකු මෙම වායු දූෂනය නිසා වමනය කළ බවත්, එම අවස්ථාවේ තරඟ තීරක ඩෙවිඩ් බූන්ද සිටි බවත් ශ්‍රීලංකා පුහුණුකරු නික් පෝතස් මාධ්‍යට පවසා තිබුණි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply