අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ රුව සහිත උපකාරක පන්ති (ටියුෂන්) ප්රචාරක පෝස්ටරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා අලවා ඇතැයි වාර්තා වනවා.
ඒ දිවයිනේ ජනප්‍රියම කොරියානු භාෂා උපකාරක පන්ති ගුරුවරිය වන ටාරා රාජපක්ෂ මහත්මියගේ කොරියන් භාෂා පංති වල සමාරම්භක අවස්ථාව පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සම්මන්ත්‍රණය සඳහා ඊයේ දිනයේදී සහභාගී විය.
මෙතෙක් කල් රජරට කලාපයේ උදාසීන ගැයුම් රැගුම් සඳහා වෙන්ව තිබූ "පුලතිසි බුද්ධි මණ්ඩපය" ඊයේ දිනයේදී සුවාසූදහසක් තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇති අතර අනාගතය ගැන සුභ සිහින දකිමින් ඔවුන් මෙම වැඩසටහනට සම්බන්ධ වී තිබේ.
කලකට ඉහතදී රටට අවශ්‍ය සහල් සැපයූ පොළොන්නරුවේ වී ගොවිතැන නුදුරේදීම කඩා වැටීමට ලක්වනු ඇති අතර නොවැදගත් ආර්ථික කටයුත්තක් වනු ඇතැයි විශේෂඥ මතයයි. එම නිසා සහල් අවශ්‍ය ප්‍රමාණය ආනයනය කිරීම සඳහා රජය තීරණය කර ඇත. මේ නිසා එම ප්‍රදේශ වල ජීවත් වන අඩු අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් කොරියාවේ ශ්‍රමිකයින් ලෙස පිටමන් කිරීම රට ගොඩනැගීම සඳහා ඉතා වැදගත් උපායමාර්ගයක් ලෙස රජය හදුනාගෙන තිබේ.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම මැතිතුමන්ගේ කොරියානු සංචාරය අතරතුරදී කොරියානු නායකයා විසින් එතුමාගෙ කනට කර පවසා ඇත්තේ "ඕනෑම අවස්ථාවක ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට කොරියාව සූදානම් " යනුවෙනි.
ජනාධිපතිතුමන්ගේ හිතෛශිභාවය සහ උතුරු කොරියාවට එරෙහි එඩිතර ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි සතුටට පත්ව ඇති ද. කොරියාව ඉදිරියේදී ඔවුනට අවශ්‍ය ශ්‍රමිකයින් සම්පූර්ණයෙන්ම පාහේ ශ්‍රී ලංකාවෙන් ගෙන්වීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇතැයිද වාර්තා වී ඇත.
කොරියාවේ ඉතා ඉහළ වැටුප් සහිත රැකියාවල නියැලෙන පොලොන්නරුව තරුණ තරුණියන්ගේ අනාගතය ඉතා සුභවාදී වන බවට දැන් කිසිදු සැකයක් නොමැත.
ගරු ජනාධිපතිතුමන්ගේ රුව යොදා ගැනීම හරහා පසුගිය සමයේදී ටියුෂන් පන්ති ගුරුවරු රැසක්ම සිය පන්ති සඳහා නවක සිසුන් ආකර්ශණය කර ගැනීමට උත්සාහ කල අතර එය ජනාධිපතිතුමන්ට තරුණ පරපුර තුල ඇති ජනප්‍රියතාවය මනාව පැහැදිලි වන සිදුවීමක්ද වේ.

No comments: