Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නංගි අපි මේක සමාදානයෙන් විසදගමු – එයා කරපු බලු වැඩේට ආයේ කිසිම උදව්වක් කරන්නේ නෑ


නාමල් උඩුගමුවට අක්මාවක් දුන්න පුද්ගලයා ගැන මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල කතා වෙන ප්‍රධාන මාතෘකාවක් .. ඉතින් මේ සිද්ධියෙන් පසුව එම පුද්ගලයාට උදව් උපකාර කිරීමට රංජන් රාමනායක ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු එම අවස්තාවේ දුරකථනයෙන් නාමල් උඩුගමගේ බිරිදව මෙසේ ඇමතීය
එම දුරකථන සංවාදය පහතින්
රුවන්ති නංගී අපි මේක සමාදානයෙන් විසඳගමු අපිට පුළුවන් මෙයාට උදව් කරන්න අපි වජිර අබේගුනවර්ධන අැමතිතුමාටත් කතා කළා. ෆේස්බුක් එකේ ජනතාවත් මෙයාට උදව් කරයි…?
ඒක හොඳයි අයියා… ඒයාගෙන් අහන්න අපි එයාට සැලකුවේ නෑ කියලා බොරු වංචා කළේ ඇයි කියලා? එහෙම දේවල් කරන්න ගියාම එයා කරපු දේනුත් වැඩක් නැති වෙනවනේ? අපිත් එක්ක ඔපරේෂන් කරපු අය ඔක්කොම කැමති මෙයා ගැන කියන්න..අර මාළු කඩේ අජිත් අයියලා එයාලත් කැමති මෙයා ගැන කියන්න.. එයාලා කියනවා ඕන වෙලාවක එන්න කියලා.
ඔයාලගේ පැත්තෙන් මොනවා හරි උදව්වක් කරන්න ලෑස්ති ද?කීයක් වගේ දෙන්න පුළුවන්ද මෙයාට?
දැන් නම් අපි ආයේ මෙයා මේ කරපු දේට කිසිම උදව්වක් කරන්නේ නෑ… සෞඛ්‍ය තත්ත්වයට මොනවා හරි තියෙනවනම් ඒක අපි බලනවා.
මුදලින් උදව්වක් කරන්න පුළුවන්ද?
මුදලින් ආයෙත් කිසිම උදව්වක් කරන්නේ නෑ එයා කරපු මේ බලු වැඩේට… එයාට ඕන නම් සෞඛ්‍ය තත්ත්වයේ අඩුපාඩු මොනවා හරි තියෙනවනම් අපි ඒක බලලා කරලා දෙනවා.
දැන් එයාට නංගී ජීවත් වෙන්න විදිහක් නෑ..?
එයා ලක්ෂ 20ක් ගත්තතේ ඒකටනේ… ජීවත් වෙන්න එයා ඒ දවස්වල මොනවද වගාවක් කරනවා කියලා කිව්වා… එයා අපට කළේ ලොකු අපහාසයක්? දන්නවද අපිට ඕන නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්.. මොකද එයාට ශරීර කොටස් දීලා ඔහොම කාටවත් බලපෑම් කරන්න බෑ… අපි ඒවා ඇහුවා ඔක්කොගෙන්ම..
අපි මානුෂීය පැත්තෙන් හිතලා මෙයාට උදව්වක් කරමු ද?
එයා මට කියලා තියෙන දේවල්වලට අපි දැන් එයාට කිසිම උදව්වක් කරන්නේ නෑ.. එයාට ඕනනම් එයාගේ අසනීප තත්ත්වයක් තියෙනවනම් ඒකට අපි උදව් කරනව..
අසනීප වුණේ ඔයාලට උදව් කරලනේ?
එයාට දැන් අසනීපයක් නෑනේ…මොකක්ද තියෙන අසනීපේ? එහෙනම් එන්න පුළුවන් අපි ළඟට..
හැබැයි මෙයාට හුස්ම ගන්න අමාරුයි… එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා..? 
නෑ නෑ ඒ බොරු එහෙම තියෙනව නම් එන්න කියනනකෝ… අපිට චෙක් කරන්න පුළුවන්නේ… එහෙම මොනවා හරි තියෙනවනම් අපේ ගෙදර එන්න කියන්න..
මුදලින් මොකුත් කරන්න අමාරුයි නේද?

අපිට කරන්න බෑ අයියේ… අපිත් ඉන්නේ අමාරුවෙන්…

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply