Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඉන්දියාවෙදී පියුමි ජැක්සන් ඇන්තනීගේ පෙම්වතිය වෙයි





සමාජ මාධ්‍ය තුළ වැඩිවශයෙන් කතාබහට ලක්වන නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ ”ලක්නව් ” නමැති ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබෙනවා.

එහි ප්‍රධාන නළුවා ලෙස ලංකාවෙන්ම ජැක්සන් ඇන්තනිව තෝරාගෙන ඇති අතර මේ සම්බන්ධ මුහුරත් උළෙලට සහභාගී වීම සඳහා ජැක්සන් හා පියුමි පසුගියදා ඉන්දියාවේ සංචාරයකද නිරත වී තිබෙනවා.

මෙම චිත්‍රපටය ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත අතර මේ ගැන අදහස් දක්වමින් පියුමි හංසමාලී සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මේ චිත්‍රපටයට තමාව තෝරාගැනීම ගෞරවයක් බවයි.

තමන්ගේ සිහිනයක් සැබෑ වූ බවත් ලංකාවේ සිනමා දැවැන්තයෙකු වූ ජැක්සන් ඇන්තනි සමග එකට රඟපෑමට අවස්ථාව ලැබිමද භාග්‍යයක් බවයි ඇය කියා ඇත්තේ.

මේ සඳහා උදව් කළ නිෂ්පාදිකා බීනා උනික්‍රිෂ්ණන්ට හා අධ්‍යක්ෂක අනිල් කුමාර්ට සිය ස්තූතිය පළ කරන බවත් ඇය පවසා සිටිනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply