Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මුහුදට පැන ජීවිත තුනක් බේරූ අපේ කාලේ හාමුදුරුවෝ



පසුගිය දිනෙක මුහුද රළු වීමත් සමඟ කොග්ගල මුහුදු තීරයේ දියනාමින් සිටි 03 දෙනෙකුගේ ජීවිත බේරා ගත් හිමිනමක් තමයි කොක්මඩුව අනුරුද්ධ හිමියන්.
ගාල්ල, කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තීරයේ 23වෙනිදා කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙකු හා තවත් පිරිසක් දියනාමින් සිට තිබෙනවා.
එකවරම මුහුද රළු වී ජල මට්ටම වැඩි වීමත් සමඟ දියනාමින් සිටි පිරිස අතර වූ කාන්තාවන් 04දෙනා දියේ ගිලී ගසාගෙන යාමත් සමඟ පිරිස අතර සිටි වැඩිමහල් කාන්තාවක් මේ සිදුවීම ගැන කෑගසුවමුත් මුහුදු රළ නිසා කිසිවෙකුගේ අවධානය ඊට යොමු වී නැත.
එම අවස්ථාවේ ගාල්ල, ඉමදුව පරගොඩ රජමහා විහාරයේ විහාරාධිපතිහිමියන්ගේ මුල්ගම වන අම්පාරේ සිට පැමිණි නෑ හිතවතුන් පිරිසක් සමඟ කොග්ගල සංචාරක කලාපය පෙන්වීමට විහාරධිපති හිමියන්ගේ ගෝලයකු වන අනුරුද්ධ හිමියන් මුහුදු තීරයට පැමිණ තිබෙනවා.
උදව් ඉල්ලා කෑ ගැසූ පිරිස දුටු අනුරුද්ධ හිමියන් වහා ක්‍රියාත්මක වී මුහුදට පැන කාන්තාවන් තිදෙනෙකු බේරාගෙන ඇතැයි සඳහන්.
එම අවස්ථාවේ මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙක් අනෙක් කාන්තාව බේරාගෙන තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply