Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » දෙසැම්බර් නිවාඩුවත් ඉවර වෙන්න ලගයි - ළඟපාත රටක සංචාරයක් ගිහින් එමුද?


දෙසැම්බර් මාසේ සාමාන්‍යයෙන් ඔ‍ෆිස් වල ඇනුවල් ලීව් හම්බුවෙනවනේ. ඒ කාලෙට තමයි ඔය ට්‍රිප් එකක් එහෙම යන්න තියෙන්නේ. ලංකාවේ ඕන තරම් ට්‍රිප් යන්න, බලන්න තැන් ඕන තරම් තියෙනවා තමයි. හැබැයි නිකමට හිතිලා නැද්ද දෙසැම්බර් මාසේ නිවාඩුවට වෙන රටකට ‍ටුවර් එකක් දාගෙන ගිහිල්ලා එන්න? ඔය ලක්ෂ හතරේ පහේ ට්‍රිප් නෙවෙයි, දරන්න පුලුවන් ගාණකට අහල පහල තියෙන රටකට ගිහිල්ලා එමු. 

1. චෙන්නායි, ඉන්දියා ‍ටුවර් එකක්!
Source – planyourdestinations.com
ගොඩක් දෙනෙක්ට චෙන්නායි කිවුවහම අපෝ කියලා මූණ ඇඹුල් කරගන්නවනේ. හැබැයි ඇත්තටම ඉන්දියාවේ චෙන්නායි වල බලන්න දේවල් තියෙනවා. ලාබෙට ෂොපින්ග් කරන්න තැන් තියෙනවා. කෑම බීම පවා වෙනම කල්චර් එකක්නේ. කෝවිල්, ශුද්ධ වූ ස්ථානයන්, තීම් පාක්, වනෝද්‍යාන, මුහුදු වෙරළවල්, කෞතුකාගාර වගේ සෑහෙන්න දේවල් තියෙනවා බලන්න. කොහොමත් දකුණු ඉන්දියාවේ ඓතිහාසික වගේම සංස්කෘතික වැදගත් තැන් වලට ඇරෙන දොර‍ටුව තමයි චෙන්නායි. මිනිස්සු වුනත් මිත්‍රශීලීයි.
දෙසැම්බර් වල රිටර්න් ටිකට් මිල ගණන්
myfare.lk – රුපියල් 29,000 ට අඩු
findmyfare.com – රුපියල් 29,000 ට අඩු
srilankan.com – රුපියල් 31,000 ට අඩු

2. කොටා කිනබාලු, මැලේසියා ‍ටුවර් එකක්!
Source – gadventures.com
කොටා කිනබාලු (Kota Kinabalu) කියන්නේ මැලේසියාවේ බෝර්නියෝ දූපතේ එක් ප්‍රාන්තයක අගනුවර. මේ ගැන කියනකොට මුලින්ම මතක් වෙන්නේ අඩි දහතුන්දාහකටත් වඩා උස කිනබාලු කන්ද සහ ඒ අවට තියෙන ජාතික වනෝද්‍යානය. මේ කඳුකරය කඳු නගින්නන්ට විතරක් නෙවෙයි, සංචාරකයන්ටත් පාරාදීසයක්. ඕන නම් කෑම්ප් නයිට් එකක් එහෙමත් ගත කරන්න පුලුවන් මේ කැලේ. මීට අමතරව කොටා කිනබාලු වල බලන්න සොබාවික සුන්දරත්වයෙන් අනූන තැන්, කෞතුකාගාර, ඓතිහාසික වැදගත්කමක් තියෙන තැන් එහෙමත් සෑහෙන්න තියෙනවා.
දෙසැම්බර් වල රිටර්න් ටිකට් මිල ගණන්
myfare.lk – රුපියල් 45,500 ට අඩු
findmyfare.com – රුපියල් 45,500 ට අඩු

 
3. බැන්ඩුන්ග්, ජාවා ‍ ඉන්දුනීසියා ටුවර් එකක්!
Source – travelnoire.com
ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රාන්තයේ අග නගරය තමයි බැන්ඩුන්ග් (Bandung) කියන්නේ. මේ පැත්තේ තේ වතු වගේම ගිණිකඳු එහෙමත් තියෙනවා. එතකොට යටත් විජිත කාලෙන් පස්සේ ඉතුරු වුණු ගෘහනිර්මාණයන් වගේම කලාත්මක ගෘහනිර්මාණයන් එහෙමත් දකින්න පුලුවන්. කොහොමත් බැන්ඩුන්ග් සෑහෙන්න ප්‍රසිද්ධයි සුන්දර සොබාවික දර්ශනයන් හින්දා. පල්ලි, පන්සල්, මුස්ලිම් දේවස්ථාන වගේම තවත් ඓතිහාසික වටිනාකම් තියෙන තැන් බැන්ඩුන්ග් වල බලන්න යන්න තියෙනවා.
දෙසැම්බර් වල රිටර්න් ටිකට් මිල ගණන්
myfare.lk – රුපියල් 55,000 ට අඩු
findmyfare.com – රුපියල් 53,000 ට අඩු

4. මාහේ දූපත්, සීෂෙල්ස් ‍ටුවර් එකක්!
Source – africapoint.com
සීෂෙල්ස් දූපත් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉන්දියානු සාගරයේ තියෙන ලෝකේ සුන්දරතම දූපත් සමූහයක් විදියට අඳුනගන්න සීෂෙල්ස් දූපත් වලට ඔය සල්ලිකාරයෝ හනිමූන් යන්නෙත් ඒ තියෙන සුන්දරත්වය හින්දම තමයි. වෙන කොහේවත් දකින්න නැති විදියේ සුන්දර වෙරළ තීරයන්, කොරල් පර, වනෝද්‍යාන වගේ දේවල් එක්කම අනිවා ඕනම කෙනෙක් බලන්න ආස වෙන විදියේ ආවේණික වනජීවීනුත් ඉන්න සීෂෙල්ස් වල එක දූපතක් තමයි මාහේ කියන්නේ (Mahe Island, Seychelles). ඉතින් ඝර්මකලාපීය පාරාදීසයක් කොයි වගේද කියලා බලන්න ආසාවක් තියේ නං මෙන්න ගැලපෙනම ‍ටුවර් එක!
දෙසැම්බර් වල රිටර්න් ටිකට් මිල ගණන්
myfare.lk – රුපියල් 82,500 ට අඩු
findmyfare.com – රුපියල් 79,500 ට අඩු
srilankan.com – රුපියල් 81,000 ට අඩු

5. මැනිලා, පිලිපීන් ‍ටුවර් එකක්!
Source – wikipedia.org
මැනිලා (Manila) කියන්නේ කොයි තරම් කාර්යබහුල නගරයක් වුනත්, මුහුදට මායිම් වෙලා තියෙන තාප්පෙකින් මුහුදට යා වෙලා තියෙන පාරවල් වල හැන්දෑවට ඇවිදගෙන යන එක බොහොම හිත පිනවන වැඩක්. ඒ ඇරෙන්න ඕන නම් මැනිලා වල චීන ටවුමට ගිහින් බලන්න පුලුවන්. ඒ බැරි නම් සාන්ත ඔගස්ටීන් වගේ පල්ලි වලට, කෞතුකාගාර වලට ගිහින් බලන්න පුලුවන්. ඇත්තටම ස්පාඤ්ඤ යටත් විජිත කාලෙත් එක්ක එන ගෘහනිර්මාණයන් එක්ක නවීන ලක්ෂණත් එකතුවෙලා හැදිලා තියෙන මැනිලා නගරය සංචාරකයන්ගේ පාරාදීසයක්.
දෙසැම්බර් වල රිටර්න් ටිකට් මිල ගණන්
myfare.lk – රුපියල් 59,000 ට අඩු
findmyfare.com – රුපියල් 71,000 ට අඩු
srilankan.com – රුපියල් 74,000 ට අඩු

6. ගොන්ෂූ – කැන්ටොන්, චීන ‍ටුවර් එකක්!
Source – littlekoo.wordpress.com
හොංකොං වලට ආසන්නව තියෙන චීන වරායබද නගරයක් විදියට හඳුන්වන්න පුලුවන් ගොන්ෂූ වලට ඇත්තටම බටහිර රටවල ගොඩක් අය කිව්වේ කැන්ටොන් (Guangzhou/ Canton) කියලා. උසස් ගෘහ නිර්මාණයන්, ගොන්ෂූ ඔපෙරා හවුස් වගේ ඉහළ සංස්කෘතිකාංගයන් වගේම ලෝක පූජිත කෞතුකාගාර එහෙම එක්ක මේ නගරය සංචාරකයින්ට වෙනස්ම සංස්කෘතික ආකර්ෂණයක් වෙලා තියෙනවා. ඒ වගේම ගොන්ෂූ වල කෑම බීම වුනත් හිතාගන්න බැරි තරම් විවිධයි වගේම කෑම ලෝලියෙක්ව පිස්සු වට්ටන සුලුයි. බලන්න පුරාණ දේවස්ථාන, ඓතිහාසික උරුමයන් වගේම අලුතෙන්ම හැදුණු නයිට් ක්ලබ් එක්ක පිස්සු හැදෙන රාත්‍රී ජීවිතයක් එහෙමත් තියෙන ගොන්ෂූ වලට යන සංචාරකයෙක්ට දවස් කීපයක් මදි කියලා හිතුනත්පුදුමයක් නෑ!
දෙසැම්බර් වල රිටර්න් ටිකට් මිල ගණන්
myfare.lk – රුපියල් 63,000 ට අඩු
findmyfare.com – රුපියල් 62,500 ට අඩු
srilankan.com – රුපියල් 78,000 ට අඩු

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply