Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » තිසර පෙරේරා ක්‍රිකට් නායකත්වයෙන් ඉවතට – අලුත්ම නායකයා හතුරුසිංහ එක්ක ගේමට


දිගින් දිගටම ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ලබාගන්නා අන්ත පරාජයන්වල නම් සීමාවක් නොමැති බව මේ වෙද්දී හොඳින්ම පෙනී යනු ඇත.
කෙසේ වෙතත් බොහෝ දෙනා පවසන්නේ මෙම පරාජ රැල්ලට එක් හේතුවක් වන්නේ තරඟයෙන් තරඟයට කණ්ඩායම් නායකත්වය වෙනස්වීම බවයි. මේ තත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ වැඩ පිළිවෙල යටතේ ශ්‍රී ලංකා පිළට නව නායකත්වයක් ලැබී ඇත.
ඒ අනුව එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත කොට ඇත .චන්දික හතුරුසිංහ මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින තරඟ යන දෙඅංශයම එක් නායකයකු යටතේ පවත්වාගෙන යා යුතු බවයි.
එම අදහසට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින තරඟ සඳහා මේ වන විට නායකත්වය දරා ඇත්තේ දිනේෂ් චන්දිමාල්‍ ය. දිගින් දිගටම තිසර පෙරේර්ගේ නායකත්වය යටතේ ඉන්දියාව සමඟ පැවති සියළු තරඟයන් තරඟාවලි පරාජයන් බවටම පත්වීම නිසාවෙන් තිසර පෙරේර තව දුරරත් එක්දින ක්‍රිකට් නායක ලෙස තබා නොගත් යුතු බව ක්‍රිකට් බලධාරීන් සාකච්චා කරමින් සිටී.
එයට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ දිගින් දිගටම තරඟාවලි පරාජය මෙන්ම පුද්ගලික දක්ෂතාද නොපෙන්වීමයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු පවසා සිටින්නේ එළඹෙන මාසයේ බංග්ලාදේශ සංචාරයේදී සිදුවන සියළු තරඟවල නායකත්වය දිනේෂ් චන්දිමාල් දරනු ඇති බවයි. එමෙන්ම මෙම තරඟාවලිය චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා නිත්‍ය පුහුණුකරු ලෙස සහභාගී වන පළමු තරඟය වීමද විශේෂත්වයකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply