Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නව ගුවන් ගමන් බලපත්‍රයක්


ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නව ගුවන් ගමන් බලපත්‍රයක් හදුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටිනවා.

2018 වසරේ අගභාගය වන විට මෙම නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ පවසා ඇත්තේ.

මෙම නව ගුවන් ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා  බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම තෝරාගෙන ඇති අතර මේ දිනවල නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ වාර්තා සකස් කරමින් පවතිනවා.

මේ සියලු වෙනස්කම් සදහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙන බව  ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply