Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කුකුලන්ට,හරකුන්ට,එළුවන්ට වගේ මන්ත්‍රීලටත් මිලක් තියනවා..‘‘ - ඒකාබද්ධ විපක්ෂය දෙදරයිද?

feature-top
ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරීමක් ඇති බවට ඇතැම් අය පැවැසුවද එවැනි කිසිදු දෙදරීමක් පක්‍ෂය තුළ සිදුවී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසයපළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්‍ෂයේ කඳවුර කඩාගෙන ගිය මන්ත්‍රිවරුන්ගෙන් ඔබට මොනවාද ගෙන යෑමට හැකිවුණේ යැයි ඇසුවහොත් ඔවුන්ට ලබාදීමට පිළිතුරක් නැති බවත් එම මන්ත්‍රිවරුන්ට ඔවුන්ගේ ඔළු ගෙඩිය පමණක් ගෙන යෑමට හැකිවූ බවත් මන්ත්‍රිවරයා පැවැසීය.ඊයේ (12දා) බත්තරමුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසුවේය.

2015 අගෝස්තු මාසයේ මහ මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණය තිබුණේ යහපාලනය අද තරම් මිනිසුන්ට එපා වෙලා තිබුණ කාලයක නෙවෙයි. එහෙම කාලයකත් මහින්ද රාජපක්‍ෂ අපේ ජනාධිපතිතුමාගේ පින්තූරය නායකයා විදියට දාගෙන 96 දෙනෙක් පාර්ලිමේන්තුවට ගියා. ඒ පින්තූරෙන් 96ක් දිනවන කොට මහින්ද රාජපක්‍ෂ මහතා ළඟ ඉඳලා එතුමාව විවේචනය කරමින් එතුමාට එරෙහිව ගිය අයව ජනතාව පැරදුවා. ඒ දිනපු 96 දෙනාගෙන් කට්ටියක් ගිහින් යහපාලනයට එකතු වෙනවා. අපි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එක්ක විපක්‍ෂයේ වගකීම ඉටු කරලා සැබෑ විපක්‍ෂය බවට පත් වෙලා ඉන්නවා. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයෙක් ගිහින් නොයෙකුත් කතා කියනවා. මිනිසුන්ට තියෙන්නේ වීරකුමාර දිසානායකගේ බණ ඇසීම නොවෙයි. ඒ බණ කියන්නත් වසර දෙකහමාරක් ගියා. මිනිස්සු කෑගහලා මැතිවරණයක් දිනා ගත්තා.

මේ මැතිවරණයේදී ප්‍රධාන කඳවුරු දෙකක් හැදෙනවා. රටට ආදරේ කරන, ජාතියට ආදරේ කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්වෙනවා. අනෙක් කඳවුර රට විකුණාගෙන කන දේශීය සම්පත් විකුණාගෙන සුඛ විහරණය සඳහා ඉදිරිපත් වෙන, වරාය විකුණලා දිග චෙක්පත දුන්නම කෑදරකමෙන් ඒක බදා ගන්න කඳවුරයි. මහින්ද රාජපක්‍ෂ කියන නායකයාව නැවත මිනිස්සු ඉල්ලනවා. ඒ වටිනාකම තුළ තමයි අපි මේ ඡන්දය මෙහෙයවන්නේ. රටේ ජනතාවට මේක පළාත් පාලන මැතිවරණයකට වඩා ජනමත විචාරණයක් වගෙයි. ඔය ගියා වගේම හෙට අනිද්දා එන අය ගැනත් බලා ගන්න පුළුවන්. 

එහෙම තමයි. ගිය මන්ත්‍රිවරයා කිව්වා තුරුම්පු තුනක් ගැහුවා කියලා. අපි දැකලා තියෙනවා ඕමි ගහන කොට වාසි ගහනවා. එහෙන් එක වාසියක් ආවාම මේ වාසි තුනක් ගහන්න පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. මේ සමාජයේ කුකුළන්ට මිල තියෙනවා. එළුවන්ට මිල තියෙනවා. හරකුන්ට මිල තියෙනවා. කිලෝ ගාණ බැලුවා පණ පිටින් හරි මරලා හරි මිල තියෙනවා. මිල වුණේ නැතිව හිටපු මිල නැති මන්ත්‍රිවරුන්ටත් අද ඒවගේ මිල ඇවිත් තියෙන්නේ. එතකොට ඔවුන් මිලට වෙන්දේසි වෙනවා. අවුරුදු දෙකයි මාස 11ට පස්සේ දැකලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කරන්න ඕනේ කියලා. මට පුදුම හිතෙන්නේ එතුමා ඉඳලා තියෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නෙවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ මෙසේ පැවසීය.

එදා ඒකාබද්ධ විපක්‍ෂය ලෙස විපක්‍ෂයේ ඉඳගන්න අපි තීරණය කළා. එදායි තීරණය කරන්න තිබුණේ සිරිසේන ජනාධිපතිතුමා එක්ක කටයුතු කරනවා කියලා. අද වෙනකොට හම්බන්තොට වරාය විකුණලා, ගුවන්තොටුපොළ විකුණන්න යනවා. ඒවා අනුමත කරනවාද කියලා තමයි අපි මේ අයගෙන් අහන්නේ. විමල් වීරවංශ මහතා හිරභාරයට ගන්න විට අපි කිව්වා දේශපාලන පළිගැනීමක් කියලා. ඒකත් ඒ අය දැන් අනුමත කරනවාද? මේක දීර්ඝ කාලීනව මේ අය සැලසුම් සහගතව කරගෙන ඇවිත් අවස්ථාව ආපු හැටියේ අනෙක් පැත්තට ගියා. කාලයක් තිස්සේ ඉඳලා නාම යෝජනා කාරණය අරගෙන තමයි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියත් ගියේ. නැත්නම් එතුමිය අද වරාය විකුණනවාට කැමැතිද? ගුවන්තොටුපොළ විකුණනවාට කැමැතිද? අපි හැමදාම විජාතිකරණයට, අලුත් ව්‍යවස්ථාවේ හානිය රටට පෙන්වන්න, බැංකු කොල්ලය ගැන හෙළි කරන්න ආදී වශයෙන් ප්‍රතිපත්තිගරුකවයි කටයුතු කළේ. ආසනයක් අහිමි වෙනවා කියලා හෝ පෞද්ගලික ප්‍රශ්නයක් වෙනුවෙන් සටන් කරන්න නෙවෙයි රටේ ප්‍රශ්න වෙනුවෙනුයි අපි කතා කරන්නේ.


(under the courtesy of nethgossip.lk news web)

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply