Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඇමති අමුණුගම රහසක් හෙළිකරයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක් කර ගැනීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පක්ෂ සභාපතිත්වය ද කැප කිරීමට සුදානම් වූ බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තුම්පනේ ප්‍රාදේශීය සභාවට ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 
"ජයග්‍රහණය ස්ථිරයි. අපි දන්නවා ලොකු රැල්ලක් හැදීගෙන එනවා අපේ පැත්තට. මොකද ජනතාව දන්නවා මේ පක්ෂ දෙක එකතු කරන්න ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවත් බොහෝ උත්සාහ දැරුවා කියලා. පොහොට්ටුව ඇතුළෙත් බොහෝ අය එකතු වෙන්න කැමැතයි.
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය දන්නවා මේ සමගියට බාධා කළේ කවුද කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ සියලු දෙනාම අපිට ආධාර කරනවා. ඒකයි අපිට අලුත්ම සමීක්ෂණවලින් ලැබෙන වාර්තාව. මම රහසක් හෙළි කරන්න කැමැතියි, ජනාධිපතිතුමා සෑම උත්සාහයක්ම ගත්තා. එතුමා සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය පවා කැප කරන්න සූදානම් වුණා. නමුත් ඒක අනිත් පක්ෂයෙන් එයට සහභාගි වෙන්න කැමති වුණේ නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ තීරණයක් ගනියි."

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply