Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පුබුදුගේ විවාහය අත ළඟයි - පෙම්වතිය සිනමාවට




තාරුණ්‍යයේ කඩවසම් රංගන ශිල්පී පුබුදු චතුරංගගේ පෙම්වතිය තමයි කවුරුත් හඳුනන නිමාෂි සිරිවර්ධන. ඇයගේ බලාපොරොත්තුවක් ළඟදීම ඉටුවන්නට යන බවයි සතිඅන්ත පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඇය කියා ඇත්තේ. ඒ වගේම විවාහයට සුදානම් වන නිසා තරමක් කාර්යබහුල ජීවිතයක් මේ දිනවල ගත කරන බවත් ඇය පවසනවා.
''මගේ හිතේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් තමයි සිනමාවට සම්බන්ධ වෙන එක. ඒ බලාපොරොත්තුව දැන් හැබෑවෙලා තියෙනවා. ඒ හින්දා තමයි ගොඩක් සතුටින් ඉන්නේ. දැනට එහි රූගත කිරීම් කරගෙන යනවා. තිරපිටපත පුබුදු චතුරංග අයියගේ. නිෂ්පාදනය ආලංකුලම ප්‍රඩක්ෂන්. කැමරාකරණ සහ අධ්‍යක්ෂණය ඉන්දියානු දක්ෂයන් දෙදෙනෙක්. පුබුදු අයියා තමයි එහි ප්‍රධාන චරිතය කරන්නේ. ඒකෙ නම නම් පුබුදු අයියාගෙන් අහන්නේ නැතුව කියන්න අමාරුයි. ඒ තාම සිනමාපටය ගැන මුකුත්ම එළියට දාලා නැති නිසා. ඇත්තටම ඒක ලොකු අත්දැකීමක්. ලේසි වුණේ නැහැ. ලොකු බයික් එකක් එහෙම මට තනියම පදින්න තිබුණා. චිත්‍රපටයට මම ගත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ.  සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙලා තමයි මමත් සිනමාපටයට සම්බන්ධ වුණේ.
මම සිනමාවට ආසයි. එහෙම කියලා කමර්ෂල් නොකර ඉන්නේ නැහැ. මියුසික් වීඩියෝ ලැබෙන විදියට භාරගෙන කරනවා. ඇතැමෙක් කියනවා මමලු වැඩිපුරම මියුසික් වීඩියෝ වලට රඟපාන කෙනා කියලා. ටෙලි නාට්‍ය ගැන නම් මගේ ලොකු පැහැදීමක් නැහැ. ඒ නිසා ටෙලි නාට්‍ය කරන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ.
මම අවුරුදු කුමරිය වීම අහම්බයක්. ඒකත් එක්ක පුබුදු අයිය මගේ පෙම්වතා කියලා දැනගත්තාම තමයි මිනිස්සු මාව ගොඩාක් දැනගත්තේ. මම හිතුවේ නෑ ඒක මෙහෙම මිනිස්සු අතරට යයි කියලා. මිසිස් වුණාම ජාත්‍යන්තරය නියෝජනය කරන්න යන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.
විවාහය අත ළඟ. ලබන වසරේ වෙඩින් එක ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. දැනට අපි ඒ වැඩ කරගෙන යනවා. ඒ නිසා තරමක් කාර්ය බහුලයි.
කලාව මම කරන්නේ ආසාවට නිසා මගේ රැකියාව උපාධිය පැත්තෙන් තමයි කරන්න ඉන්නේ. ඒ නිසා රැකියාව කළමනාකරණය පැත්තෙන් තමයි කරන්නේ.''

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply