Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ශරීරයට විෂ ප්ලාස්ටික් වර්ග හදුනා ගන්නේ මෙහෙමයි


ප්ලාස්ටික් විවිධ වර්ග තියෙනවා කියල සමහර විට ඔබ දැනටමත් දන්නවා ඇති. නොදන්නවා නම් මේ සටහන ඔබට සහයක් වේවි ඒ මොනවා ද කියා හඳුනා ගැනීමට. ප්ලාස්ටික් නිපදවීමට විවිධ රසායන ද්‍රව්‍ය භාවිතා කරනවා. කෙසේ වුවත් මෙහි මූලික ප්‍රභවය පෙට්‍රෝලියම්. ප්ලාස්ටික් වර්ගවලට අනන්‍ය වූ ලක්ෂණ ඒවාට ලබා දීමට විවිධ රසායනික සංයෝග ඒවාට එක් කරනවා.
මේවා පොදුවේ ප්ලාස්ටි සයිසර්ස් ලෙස හඳුන්වනවා. මේ අනුව ප්ලාස්ටික් වර්ග කරන අතර ඒවා 1 සිට 6 දක්වා අංකනය කර තිබෙන්නේ වර්ගය අනුවයි. මෙය ඇසුරුමේ පහත හෝ යටි පැත්තේ ත්‍රිකෝණාකාර සලකුණකින් දක්වා තිබෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ වර්ග කියලා.
පළමුවෙන්ම අපි සොයා බලමු මොනවාද පළමු වර්ගයේ ප්ලාස්ටික් කියලා. මේ පළමු වර්ගයේ ප්ලාස්ටික්වල තිබෙන සංකේත අංකය තමයි 1. මේවා සුලභ ප්ලාස්ටික් වර්ග. විනිවිද පෙනෙන සුළුයි. පැණිබීම බෝතල්, වතුර බෝතල් ලෙස දකින්න පුළුවන් වෙනවා. මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පහසුයි. ආහාර ඇසුරුම් වෙනුවෙන් පාවිච්චි කරන්නෙ මේ ප්ලාස්ටික් වර්ගයයි.
මේවා හිරු එළියට නිරාවරණය වුවහොත් ඒවායේ තිබෙන රසායනික සංයෝග ප්ලාස්ටික්වලින් වෙන් වෙන නිසා ඒවායේ අඩංගු ආහාරයට මේවා එකතු වෙන්න පුළුවන්. මේ රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය නිසා, මේ ඇසුරුම් අව්වේ තැබීම ඉතාම භයානකයි.
දෙවන වර්ගයේ ප්ලාස්ටික්වලට කියන්නේ High Density Poly Ethylene (HDPE) කියලයි. මේවා යොදා ගන්නේ පළතුරු යුෂ, කිරි නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, පිරිසිදු කාරක සහ සේදුම්කාරක ආදිය ඇසුරුම්කරණයටයි. මේවා මුල් කාලයේ දී අවදානම අඩු ප්ලාස්ටික් වර්ගයක් ලෙස නම් කළත් පසුව සිදු කළ පර්යේෂණ අනුව මේවාට කුඩා දරුවන්ගේ ශරීරයේ සෛල වර්ධනයේ වෙනසක් සිදු කිරීමට හැකියාව ඇති බවයි.
තුන්වන වර්ගය Polyvinyl Chloride (PVC) ලෙස හඳුන්වනවා. මේවායින් ජල නළ නිෂ්පාදනය, වැහි පීලි, ජල ටැංකි වැනිදේ නිෂ්පාදනය කරන බව ඔබ දැනටමත් දන්නවා. මේවා නැමෙන සුළු සහ නොනැමෙන ලෙස නිෂ්පාදනය කළ හැකියි. හානිදායක අගයෙන් වැඩිම ප්ලාස්ටික් වර්ගය මෙයයි. මේවායින් නිෂ්පාදනය කරන වෙනත් භාණ්ඩ අතර, ඇසුරුම්කරණයට යොදා ගන්නා පොලිතින්, ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයේ දී භාවිතා කරන සමහර කොටස්, ජලයේ පාවෙන සෙල්ලම් බඩු, මස් වැනි දේ ආවරණයට යොදාගන්නා ඇසුරුම් වර්ග, කෘත්‍රිම හම් වර්ග වැනි දේ හඳුන්වා දෙන්න පුළුවන්.
මේ ප්ලාස්ටික් වර්ගය හිරු එළියට ඔරොත්තු දීමේ අපූරු හැකියාවකින් යුක්තයි. මේ ප්ලාස්ටික් වර්ගය පිළිස්සීමට සුදුසු නැහැ. මේවා පිළිස්සීමේ දී පිළිකා කාරක රසායනික සංයෝගය වාතයට මුසු වෙනවා. පිළිස්සීමේ දී අධික දුර්ගන්ධයක් ද වහනය වෙනවා.
හතරවැනි වර්ගයේ ප්ලාස්ටික් වර්ගය Low Density Polyethylene (LDPE) ලෙස හඳුන්වනවා. මේවා ෂොපින් බෑග්, එළවලු හා පළතුරු ඇසුරුම්, විවිධ භාජන වැසීමට ගන්නා පියන් වර්ග, සෙල්ලම් බඩු වර්ග, සී.ඩී. හා ඩී.වී.ඩී කවර ආදිය නිෂ්පාදනය කරන අතර, අඩු අවදානම් ප්ලාස්ටික් වර්ග ලෙස මේවා හඳුන්වයි.
පස්වැනි වර්ගයේ ප්ලාස්ටික් නිපදවන්නේ යෝගට්, මාගරින් ඇසුරුම්කරණ, සිරප් සහ සෝස් ඇසුරුම්, කෑම පෙට්ටි, විද්‍යාගාර උපකරණ, කුඩා ළමුන්ගේ වතුර බෝතල් වැනි දේ මේවායින් නිෂ්පාදනය කරයි. මේවා වඩාත් ආරක්ෂාකාරී ප්ලාස්ටික් වර්ගයකි. Polypropylene (PP) ලෙස හඳුන්වන මේවා උෂ්ණත්වයට ඔරොත්තු දෙන ප්ලාස්ටික් වර්ගයකි.
හයවැනි වර්ගය භාවිතා කරන්නේ පිඟන් කෝප්ප, කෑම බහාලන, හැඳි, ගෑරුප්පු, යෝගට් කෝප්ප ආදිය නිෂ්පාදනයට යොදා ගන්නේ මේ ප්ලාස්ටික් වර්ගයයි. නමුත් මේ ප්ලාස්ටික් වර්ගයේත් පිළිකා කාරක රසායනික සංයෝග අඩංගු වෙන බවට විශ්වාස කරනවා.
ඉතින් ප්ලාස්ටික් ගැන මෙවන් පුංචි දැනුවත් කිරීමක් කරන්න අපි හිතුවේ පොලිතීන් සහ ප්ලාස්ටික් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වී තිබෙන නිසා. වර්තමානයේ පොලිතින් සහ ප්ලාස්ටික් තුරන් කිරීමේ වැඩසටහන් මුළු ලෝකය පුරාම ක්‍රියාත්මක වෙන අතරේ ශ්‍රී ලංකාවේ ද පොලිතින් තහනමෙන්වත් මෙය ආරම්භ කරන්නට උත්සාහ ගැනීම තරමක් හෝ පැසසිය යුතු තත්ත්වයක්. ඒත් ක්‍රියාත්මක වීම තමයි වටින්නෙ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply