Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජෝන් ස්නෝ සහ යීග්‍රිට් මධුසමයට ලංකාවටවත් ඇවිල්ලද?






ලොව පුරා බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරයෙන් වැළඳගත් කතා මාලාවක් වන Game Of Thrones මෙරට විදෙස් නිර්මාණ ප්‍රියකරන ප්‍රේක්ෂකයින් අතරද ඉතා ජනප්‍රිය නිර්මාණයක්.
ලොව පුරා බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරයෙන් වැළඳගත් කතා මාලාවක් වන Game Of Thrones මෙරට විදෙස් නිර්මාණ ප්‍රියකරන ප්‍රේක්ෂකයින් අතරද ඉතා ජනප්‍රිය නිර්මාණයක්.
එහි ප්‍රධාන චරිත කිහිපයෙන් ප්‍රබල චරිතයක් මෙන්ම ලොව පුරා බෙහෙවින් ආදරය දිනාගත් චරිතයක් ලෙස ජෝන් ස්නෝ නමැති චරිතය හැඳින්විය හැකියි.
එමෙන්ම පසුගිය දා නිමා වූ Game Of Thrones කතා මාලාවේ 7වැනි කතා එකතුව අවසන් වූවේ ද ජෝන් ස්නෝ පිළිබඳව ප්‍රේක්ෂකයින් මෙතෙක් නොදැන සිටි රහසක් ද හෙළිදරව් කරමින්.
Game Of Thronesහි තත්ත්වය එසේ වද්දී ජෝන් ස්නෝගේ චරිතයට පණ පොවන සුපිරි නළු කිට් හැරින්ටන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇති බවට පළවන මෙරට සමාජ ජාල අතර වේගයෙන් පැතිර යනවා.
ඒ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බව දැක්වෙන ඡායාරූප කිහිපයක් ද සමගින්.
එමෙන්ම කිට් හැරින්ටන් නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ ඇති බවත් ඔහු ගාල්ල ඇතුළු ප්‍රදේශවල සංචාරයේ නිරත වූ බවත් ඇතැම් වෙබ් අඩවි ද වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් තවත් වෙබ් අඩවියක් සඳහන් කරන්නේ ඔහු සිය මධුසමය ගත කිරීම සඳහා මෙරටට පැමිණ ඇති බවයි.
කිට් හැරින්ටන් විවාහ වූයේ ද Game of Thrones කතා මාලාව හරහාම අතිශයින් ජනප්‍රිය වූ යීග්‍රිට් නමැති චරිතයට පණ පෙවූ රෝස් ලෙස්ලි නමැති නිළිය සමගයි.
මධුසමය ගතකිරීමට පැමිණි බවට පළ වූ වාර්තා සමග රෝ්ස් ලෙස්ලි ද මෙරටට පැමිණ ඇද්දැයි බොහෝ දෙනෙකු සමාජ ජාල හරහා ප්‍රශ්ණ කොට තිබෙන බවයි පෙනෙන්නට ඇත්තේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply