Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » හෘද සැත්කම් පෞද්ගලික රෝහල්වලට දීම සම්බන්ධව යෝජනා කළ කමිටුව තාම පත් කරලා නෑ


ජාතික රෝහලේ සිදු කිරිමට නියමිතව තිබූ හෘද සැත්කම් පෞද්ගලික රෝහල්වල සිදු කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් යෝජනා කරනු ලැබූ කමිටුව මේ දක්වාත් පත් කර නොමැති  බව වාර්තා වේ.

අදාල ත්‍රිපුද්ගල කමිටුවට සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහා භාණ්ඩාගාර නියෝජිතයෙකු ඇතුළත් වේ.

පසුගියදා අවසන් වූ අමාත්‍ය මණ්ඩල රැස්විමේදී මීට අදාල යෝජනාව ඉදිරිපත් කෙරෙනු අතර ඉන් අනතුරුව මෙම කමිටුවට නියෝජිතයෙකු පත් කර එවන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

එහෙත් මේ දක්වාත් අදාල කමිටුව සඳහා මහා භාණ්ඩාගාරය විසින් නියෝජිතයෙකු පත් කර නොමැති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක් කඩා ඉවත් කිරිමත් සමඟ එහි හෘද සැත්කම් සදහා පොරොත්තු ලේඛන වල සිටි රෝගීන් පෞද්ගලික රෝහල්වල සැත්කම් සදහා යොමු කිරිමට රජය තීරණය කළේය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply