Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඩ්‍රීම් ස්ටාර් වූ සුනීර සුමන්ගෙන් හදවතට දැනෙන්න කියපු සංවේදි කතාව



දෙරණ ඩ්‍රීම් ස්ටාර් කියන්නේ කලා ක්ෂේත්‍රයට නවක තරු බිහිකරන නවාතැම්පලක්. ඉතින් සීසන් 07 ඒ ඩ්‍රිම් ස්ටාර් කිරුළට හිමිකම් කීවේ සුනීර සුමංගයි. ඔහු සමග කළ පුවත් පත් සාකච්ඡාව පහතින්
විශල තරගකරුවන් පිරිසක් අභිබවා ගෙන ඇවිත් දැන් ඩ්‍රිම් ස්ටාර් කිරුළ සුනීරගේ අතේ. මොනවාගේ හැගීමක්ද තියෙන්නේ?
දක්ෂතාව ගැන නිහතමානි සතුටක් තියෙන්නේ.පළමු වටයට 15 000ක් විතර ආවා එතකොටනම් අවසන් මහා තරගයක් ගැන හිතලවත් තිබුනේ නෑ.පස්සේ ප්‍රේක්ෂකයන් සහ විනිශ්චය මණ්ඩලය කීවා මම අවසන් මහා තරගයේ සිටිය යුතුයි කියලා.ඊට පස්සේ මගේ ඔළුවෙත් ඒක ඒ විදිහටම වැඩ කළා.ඉතින් විශාල පිරිසක් අභිබවා ඒමට වඩා මගේ දක්ශතාවයෙන් ඉදිරියට ඒම ගැන සතුටු වෙනවා.
ජයග්‍රහනයත් එක්කම ආඩම්බර වුණාද ?
අපෝ නෑ.මම හිටපු සුනීරම තමයි.
ලොකු මුදලක් වියදම් වෙන්න ඇති මේ ජයග්‍රහනයට ?
මම ගොඩක් මහන්සි උනේ ගීත ගායනයටත ඒත් පවුලේ අය ගමේ අය හැම කෙනාම මට වචනවලින් කියන්න බැරි තරමට උදව් කළා. මම කතෝලිකයෙක් ඒ වුණාට ස්වාමින් වහන්සේලා පවා කිසිම ආගම් බේදයකින් තොරව උදව් කළා.සමහර අය මගේ වැඩවලට නිවාඩු දැම්මා.ඒ නිසා එයාලාගේ රැකියා පවා අහිමි වුණා.
ජයග්‍රහනයත් එක්ක විශාල තෑගි ප්‍රමාණයකුත් සුනීරට ලැබුණානේ?
ලැබුණු වටිනාම තෑග්ග තමයි මිනිස්සුන්ගේ ආදරේ. කුසලානයක්,වාහනක්,ඉඩමක් වගේම ගිෆ්ට් වව්චර් ලැබුණා. තෑගි ගැන සතුටුයි.
ඔබ ලැබිච්ච දේවල් තමන් හම්බකරන්න හිටියානම් තව කොච්චර කල් යයිද ?
ඒකනම් කියන්න අමාරුයි. හුගක් ලොකු කාලයක් යයි.දැන් මේ වගේ තරගයක් නැතුව මේ වගේ දේවල් ලබා ගන්න සෑහෙන කාලයක් යනවා.අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුල සැහෙන්න දෙයක් මට ලැබුණා.
ජීවිතයේ හීනය වුණේ ගායකයෙක් වෙන්නද ?
මම පටන් ගත්තේ ක්‍රිකට්වලින්. ක්‍රිකට් සහ සංගීත පුහුණු වීම් එකටම වැටුණා. ඉතින් සංගීතය පැත්තට වැඩියෙන් නැඹුරු වුණා. සමස්ථලංකා තරගවලින් හුගක් ජයග්‍රහණය ලැබුණා. වාසනාවකට වගේ මේ තරගයටත් අයදුම් කළා.
ඒ කියන්නේ ඩ්‍රිම් ස්ටාර් ආවේ නැත්නම් ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද?
ජාත්‍යන්තර කණ්ඩායමටනම්  ප්ලේ කරන එකක් නෑ. කොහොමත් මම සංගීතය හදාරනවා.
මේ ගමනට සුනීරට පවුලෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?
පුදුම විදිහේ සහයෝගයක් ලැබුණා. ඇත්තටම අපිට ලොකුවට සල්ලි තිබිලා නෙවෙයි මේවා කළේ . අයියලා ලොකු අම්මා හැම කෙනාම පුදුම විදිහට උදව් කළා. අනික අපි ඉන්නෙත් අම්මගේ අක්කගේ ගෙදර.මට අපේම ගෙයක් හදාගන්න ලොකු හීනයක් තිබ්බා.
දැන් ඔබේ හීන මාලිගාව හදන්න පහසුයි නේද ?
ඔව් මේක තමයි ලැබුණු ලොකුම රුකුල.මම තනියම කරන්න හිටියානම් ගොඩ කාලයක් යයි ඒකට.
පුතාගේ ජයග්‍රහනය ගැන අම්මට මොකද හිතෙන්නේ ?
තාමත් නිකන් හීනයක් වගේ . පුදුම සතුටක් දැනෙන්නේ . කොහොමත් පුතාට ලොකු දක්ෂතාවයක් තිබුනා.
සුනීර ගායකයෙක් වෙයි කියලා හිතුනාද ?
මම පුතාට කවදාවත් බල කළේ නෑ. එයා කැමති පැත්තෙන් යන්න ඉඩ දුන්නේ . ඒත් සමහර අය ඇහුවා .ඇයි පුතාව කලාවට යොමු කරන්නේ කියලා. හැබැයි පාසලේ අකිල සර් මට කීවා සුනීරව සංගීතට යොමු කරන්න. එයා ලොකු ගමනක් යයි කියලා.
පුතා ජනප්‍රිය තරුවක් වෙලා ඒ වගේම ත්‍යාග ලාබියෙකුත් වෙලා.?
ඔව් හුගග් සතුටුයි.මම නම් කැමති නෑ. පුතා ඩ්‍රැයිවින් කරනවට.ඒත් එයාට කාර් එකක් ලැබුණා.එයා කියනවා. නංගිව වෛද්‍යවරියක් කරන්න මේ ලැබුණ දේවලින් ප්‍රෙයා්ජන ගන්නවලු.
දිගටම සංගීතය හදාරනවාද ?
ඔව් ශාස්ත්‍රීය ඉන්දියානු සංගීතය හදාරන්න බලාපොරොත්තු වෙනවා.
සමහරු ක්ෂේත්‍රෙය් පෙන්න ඉන්නේ ටික දවසයි. ඊට පස්සේ පේන්නවත් නෑ. ඔබටත් එහෙම වෙයිද?
මං හිතන්නේ එහෙම වෙන්නේ තමන් කරන නිර්මාණත් එක්ක. නිර්මාණය හොද වුනොත් මිනිස්සු හැමදාමත් අපි එක්ක ඉදී. මිනිස්සුන්ගේ හදවතට වදින නිර්මාණයක් කරන්න ඕනෑ.
මෙච්චර කල් අනුන්ගේ ගීත කීවේ . කවදාද ඔයාගෙම ගීතයක් කරන්නේ .
මට දෙරණ ආයතනයෙන් කීවා ගීතයක් කරලා දෙන්නම් කියලා.කැළුම් ශ්‍රීමාල් සර් සිංදුවක් ලීවා ලස්සන ගීතයක් එළියට එයි

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply