Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වයිබර් වලින් උත්තර සෙවූ සාපෙ සිසුවාට වැඩ වරදි..


ජංගම දුරකථන භාවිත කරමින්  සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයූ බව පැවසෙන පාසල් සිසුවා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ සිසුවාගේ ජංගම දුරකථනය හා විභාග උත්තර පත්‍රය ඒ සඳහා පොලීසිය වෙත ලබා දී ඇති බව වාර්තා වෙයි.

විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක සිසුවෙකු ඊයේ දිනයේ විභාග මධ්‍යස්ථානයට ජංගම දුරකථනයක් රැගෙනවිත් වයිබර් තාක්ෂණය ඔස්සේ පිටස්තර පුද්ගලයෙකුගෙන් විමසා පිළිතුරු ලියූ බවට විභාග පරීක්ෂකවරයාට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම සිසුවාගේ ජංගම දුරකථනය ශාලාධිපතිවරයා බාරයට ගෙන පරීක්ෂා කිරීම සඳහා පොලීසියට බාරදී ඇති බව වාර්තා වෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply