Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » මහවැලි අමාත්‍යංශයට පැමිණි ජනපතිට කාන්තාවක් බැණ වදී..!


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (11) දිනයේ මහවැලි අමාත්‍යාංශයේදී බැන වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම අමාත්‍යාංශයේ සැලසුම් ශිල්පිනියක් පසු පොලිස් ඇප මත මුදාහැර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ හදිසියේම මහවැලි අමාත්‍යාංශයට පැමිණ තිබූ අතර එහිදී ආරක්ෂක නිලධාරියෙක් ‘ජනාධිපති ඇවිත් සිටිනවා. ඔතනින් අයින් වෙන්න’ යැයි පැවසීමත් සමඟ සැකකාර කාන්තාව ලෙස ආවේගශීලීව හැසිරීම බැන වැදී ඇති බව පොලිසිය කියයි.

එම කාන්තාව ජනාධිපතිවරයා රැඳී සිටි විදුලි සෝපානය අසලට යාමට උත්සාහ දරා ඇතැයිද පොලීසිය කියයි.

එම අවස්ථාවේදී ජනාධිපති ආරක්ෂකයන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන මරදාන පොලිසිය ගෙන විත් තිබේ.

එහිදී සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඇය මානසික ආබාධයට ප්‍රතිකාර ලබා ගත් තැනැත්තියක් බවයි.

පසුව ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එම කාන්තාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක් තැනැත්තියකි.

සිදුවීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දින කිහිපයකට ඉහතදී ලෙඩෙකු බැලීම සඳහා කොළඹ ජාතික රෝහලට ගිය අවස්ථාවේදීද එහි ආරක්ෂක නිලධාරීන් විසින් ජනාඪිපතිතුමන්ව නොසලකා හැර කටයුතු කිරීමේ සිදුවිමක් වාර්තා විය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply