Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මෙතෙක් නොවිසඳුනු බරපතල නඩු 50ක් විසඳා විනිසුරු ඉලංචේලියන් මහ ඇමති සටනට...?


යාපනය මහධිකරණය තුළ ගොඩගැසී ඇති විශාල අපරාධ සම්බන්ධයෙන් වූ නඩු 45 ක් පමණ ඉදිරි වර්ෂ දෙක ඇතුළත විභාග කොට තීන්දු ලබාදීමට හැකිවනු ඇතැයි තමන් නීතිපතිවරයාට දැණුම් දුන් බව යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා අද (04) යාපනයේදී පැවසීය.

මහධිකරණ විනිසුරුවරයා එසේ පැවසුවේ යාපනය අධිකරණ සංකීර්ණයට තවත් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම පිණිස අධිකරණ අමාත්‍යංශයෙන් ලබාදී ඇති රුපියල් මිලියන 242 ක මුදලෙන් නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල තබන ලද අවස්ථාවේදීය.

යාපනය මහාධිකරණය තුළ මෙතෙක් විසඳා අවසන් නොවූ නඩු 107 ක් පමණ ඇති බවත් ඉන් 50 ක් පමණ ඉතා වැදගත් නඩු නිසා ඊට ප්‍රමුඛත්වය නීතිපතිවරයාගෙන් ලැබී ඇතැයිද ඉලන්චෙලියන්  මහධිකරණ විනිසුරුවරයා පවසයි.

පසුගිය සමයේදී යාපනයේ ජනතාවගේ නඩුකටයුතු සඳහා කඩිනම් තීන්දු ලබාදීම හරහා විනිසුරු ඉලංචේලියන් විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන ඇති බැවින් මීළඟ උතුරු මහඇමති සටනට පැමිණීමටද ඉඩ කඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply