Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » මස් කඩේ කැලැන්ඩරේට රුවන්වැලිය සෑය දැම්ම 3ක් රිමාන්ඩ් !


බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර ප්‍රධාන විහාරසථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයෝ තිදෙනෙක් මේ මස (27දා) තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය පසුගිය 24දා නියෝග කළාය.
රත්නපුර පුලූගුපිටිය ප්‍රදේශයේ කුකුලු මස් අලෙවි කරන වෙළඳසැලක ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන කුරුණෑගල කැකුණගොල්ල, ගාල්ලගම ලිපිනයේ පදිංචි මොහොමඩ් නිලාම් සහ මොහොමඩ් රින්සාන් යන දෙසොයුරන් සහ කුරුණෑගල අනුර ප්‍රින්ටස් නම් ආයතනයේ කළමනාකරු බව සඳහන් සනත් යන තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
පළමු සැකකරුවන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මාස කිහිපයකට පෙර ඔවුන් රත්නපුරේ පුලූගුපිටිය ප්‍රදේශයෙන් වෙළඳසැලක් කුලියට ගෙන කුකුල් මස් වෙළෙඳසැලක් අරඹා තිබේ.
මීට දින කිහිපයකට පෙර එම වෙළෙඳසැලෙන් කුකුලු මස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රුවන්වැලි මහ සෑයේ ජායාරුපයක් ද සහිතව එම කුකුලු මස් කඩයේ නම ද යොදා සැකසු නව වසරට නියමිත කැලැන්ඩරයක් ද ලබාදි තිබේ.
මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ ජනතාව රත්නපුර පොලීසියට කළ දැනුම්දීමක් මත එම ස්ථානයේ තිබී එවැනි කැලැන්ඩර් පනහක් ද සොයා ගෙන තිබේ.
පසුව ඒවා මුද්‍රණය කළ මුද්‍රාණායතනයේ කළමනාකරු බව කියන පුද්ගලයා ද සමග මාංශ සමග ඒවා බොදුන් ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply