Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » හානි කළ මුදල් නෝට්ටු හුවමාරු කරගැනීමට අවස්ථාව එළෙඹන 31 වනදායින් අවසන්



සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවස්ථාවක් ලබා දී තිබෙනවා.ඒ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් එළෙඹන 31 වනදාට පෙර එම මුදල් නෝට්ටු හුවමාරු කර ගත හැකියි.

ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම,1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් යටතට ගැනෙන බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

මුදල් නෝට්ටුවලට හානි කිරීම සිර ගත කිරීමකට හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017 වසරේ දෙසැම්බර් 31 වෙනිදායින් පසු ගෙවීම් නොකරන බවයි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply