Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ජනවාරි 17 “සමයං” ට දුන්න ඔත්තුවට ජිවිතයෙන් වන්දි ගෙවූ රූමත් කත – Video


කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව පාතාල ගැටුමක් බව පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇති කාන්තාව පසුගිය දා කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පාතාලයේ ‘සමයං’ නමැති පුද්ගලයාගේ සමීපතම කාන්තාවක් බව පොලීසිය පවසයි.

එමෙන්ම, අංගොඩ ලොක්කාගේ සගයන් පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට ද පොලීසිය සැක කරයි.

නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොට්ටාව, පන්නිපිටිය පාරේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබුණේ පෙරේදා (30) රාත්‍රියේ දී ය. මියගොස් තිබුණේ 42 හැවිරිදි කාන්තාවකි.

පොලීසිය පවසන්නේ එවකට බන්ධනාගාර ගතව සිටි පාතාලයේ සමයංට රහසිගත තොරතුරු සැපයීමට මියගිය කාන්තාව සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

පසුගිය දා මෙම කාන්තාවට අයත්, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ ද වෙඩි තැබීමක් සිදු විය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි මෙහෙයුම් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply