Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ව්‍යවස්ථා සභාව විනාඩි 04යි... කෝටි ගණන් වියදම් කර පාර්ලිමේන්තුව නඩත්තු කලත් ඊයේ සභාවාරයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම මෙන්න




පාර්ලිමේන්තුවේදී ඊයේ(11) පෙරවරුවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ කල්තබන ලද විවාදය ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එම විවාදයේ කථික ලයිස්තුවට ඇතුලත් වූ කිසිදු මන්ත්‍රීවරයෙකු පැමිණ නොසිටියෙන් රැස්වීමේ කටයුතු අවසන් කිරීමට ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාට සිදුවිය. 

පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30ට ආරම්භ වී පෙරවරු 11.28 දක්වා පැවති අතර ඉන්පසු මද වේලාවකින් පෙරවරු 11.30ට  කතානායක කරූ ජයසූරිය මහතාගෙ සභාපතීත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්  විය. 

එහිදි සභාපතිවරයා විවාදය ආරම්භ කිරීම සඳහා ප්‍රථමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ එස් එම් චන්ද්‍රසේන මහතාගේ නම ප්‍රකාශ කල අතර  ඔහු නොසිටි බැවින් අනෙකුත් කථිකයින්ට පිළිවෙලින් ආරාධනා කළේය. 

එහෙත් සභාපතිවරයා නම් සඳහන් කල ආණ්ඩු පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේද කිසිදු මන්ත්‍රීවරයෙකු සභාගැබ තුළ නොවිණි. 

සභාපතිවරයා සඳහන් කළ කථිකයින් අතර එස් එම් චන්ද්‍රසේන, මයන්ත දිසානායක, රවීන්ද්‍ර සමරවීර, අනෝමා ගමගේ, චතුර සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ලකී ජයවර්ධන, වජිර අබේවර්ධන සහ අමීර් අලී යන මහත්ම මහත්මීහු වූහ. 

මෙම විවාදය ඊයේ පෙරවරු 11.30 සිට පෙරවරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි. 

උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply