Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අසභ්‍ය ගීත වීඩියෝ පටයකට සිටි ගායිකාවට වසර 02ක සිර දඬුවම්



අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටයකට පෙනී සිටි ඊජිප්තු ජාතික පොප් ගායිකාවක් හට එර⁣ට අධිකරණය විසින් වසර 02ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
මෙලෙස දඩුවම් නියමව ඇත්තේ ශයීමා අහමඩ් නැමැති ගායිකවකටයි. ඇය යට ඇඳුම් වලින් සැරසී අදාළ වීඩියෝ පටයේ පෙනී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රටේ ජනතාව තුළ කෝපය ඇති කරවමින් අසභ්‍ය වීඩියෝ පටයක් මාධ්‍යට මුදාහැරීමේ චෝදනාව යටතේ ඇය පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව ඇය අධිකරණය හමුවේ වරදකරු කර තිබෙනවා.
21 හැවිරිදි ෂායිමා අහ්මඩ් නැමැති ඇය අත්අඩංගුවට ගැනීමට පෙර ඇයගේ ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් රටේ ජනතාවගෙන් සමාව ගෙන ඇති අතර වැඩි ආකර්ශනයක් දිනාගැනීම සඳහා අදාළ වීඩියෝ පටය නිර්මාණය කළ බව එහිදී ඇය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අදාළ වීඩියෝපටය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා ද වසර 02ක සිරදඬුවම් ලබා ඇති බව සඳහන්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply