Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » වැසිකිලියයි ළිඳයි හදාගන්න ගත්ත රුපියල් හතලිස්දාහ ගෙවන්න බැරි උන නිසා වේ&% පුතාලා හිරේ දාපු අම්මව ඉල්ලන පුංචි පුතාගේ කදුලු කතාව (VIDEO)


මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුඩා දරුවකුගේ මවක් ණය ගෙවීම පැහැර හැරීම මත බන්ධනාගාර ගත කර ඇති අතර මේ නිසා එම කුඩා දරුවා දැඩි ලෙස අසරණභාවයට පත්ව තිබේ.

පියාගේ රැකවරණය නොමැතිව මෙම පුංචි දරුවා රැකබලාගෙන සිටි මව නිවසේ වැසිකිලිය සහ ළිද සෑදීම සඳහා මූල්‍ය ආයතනයකින් රුපියල් 40,000ක මුදලක් ලබාගෙන ඇත. නියමිත පරිදි එය ගෙවීමට අපොහොසත්වීම නිසා රුපියල් 60,000ක පමන ණය මුදලක් මේ වනවිට එකතු වී ඇති අතර ඒ නිසා ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

දරුවා මේ වනවිට මිත්තනිය සමඟ ජීවත් වන අතර දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙලේ.

සාමාන්‍යයෙන් ණය ලබාදුන් පසු එය ගෙවීම පැහැර හැරියහොත් මානුෂික හේතු සළකා බලා නැවත අයකිරීම් කල යුතු අතර පොලීසිය සහ වගකිව යුතු ආයතන ඒ සදහා මානුෂවාදී ප්‍රවේශයකින් ගැටලුව ආමන්ත්‍රණය කල යුතුය. 

නමුත් මේ අවස්ථාවේදි එය සිදුවී නැති නිසාම අපට මාධ්‍ය ආචාරධර්ම සීමා ඉක්මවමින් වේ&% පුතාලා ලෙස අදාල මූල්‍ය ආයතන නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හැදින්වීමට සිදුවේ.

කෝටි ප්‍රකෝටි ගනන් මහජන මුදල් අවභාවිත කරන දේශපාලකයින්ට සැලියුට් ගසන පොලීසියත්, කෝටිපතියන් ඉදිරියේ දණ නවන මූල්‍ය ආයතන වලටත්  හෙණ හතම ගැසිය යුතු බව මහජන මතයයි.

මෙම දරුවාගේ මව නිදහස් කිරීම සඳහා දායක විය හැකි අයෙකු වෙතොත් කරුණාකර ජාතික රූපවාහිනී සේවය අමතා හැකි සහයෝගය ලබා දෙන්න.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply