Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » කොළඹ දුප්පත් දරුවන්ට කුරුදුවත්තේ සුපිරි ජීවිතයට අඩිය තියන හැටි ගැන රටම දන්න ඉංජිනේරු ඇමති කියන කතාව මෙන්න (VIDEO)



1977 මේ රටේ පරිගණක 13 යි තිබුණේ අද තිබෙනවා ලක්‍ෂ 300 කට වැඩිය. මේ දුරකතන සියල්ලම පරිගණක තමයි. මහා වෙනසක් ඇතිවෙලා තිබෙනවා. එම වෙනසට අපි ඉඩ දිය යුතුයි. පරම්පරා වෙනසට එහායින් ගිය තාක්ෂණික සමාජ වෙනසක් ඇතිවී තිබෙනවා. ඒ නිසා ත්‍රීවිල් කාරයෝ, පේව්මන්ට් කාරයෝ, ගෙවල්වල වැඩකාරයෝ බිහි කරන තැනක් නොව අලූත් තාක්ෂණ ලෝකය ජයගත හැකි, කොළඹ 7 ටත් උඩින් සිටිය හැකි තැනක් බවට මේ ස්ථානය පරිවර්ථනය කළ යුතුයි. සෑම දෙමාපියෙක්ම අධිෂ්ඨාන කර ගත යුතුයි අපට අතපසු වූ, අපට වැරදුණු තැන් අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට එම අතපසුවීම්, වැරදි සිදුනොවන තැනට අපි මේ සමාජය ඔසවා තැබිය යුතු බවට. ඒ සඳහා තමයි අපි මේ දායක වී තිබෙන්නේ. එම ශක්තිය දෑතට ගෙන අලූත් පරම්පරාවක් මෙයින් බිහි වී පරණ අතීතයට ආයුබෝවන් කියමින් නව යුගයකට, නව රටකට ඔබ එළඹේවා කියා ප්‍රාර්ථනා කරනවා’ යනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලා. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස 115 කින් සමන්විත නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටුයතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 3,950ක පිරිවැයක් දැරීමට නියමිතය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply