Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කඩුවෙල - මාළඹේ - බත්තරමුල්ල - බොරැල්ල - පිටකොටුව යා කෙරෙන සැහැල්ලු දුම්රිය සේවයේ වැඩ අරඹන්න සියල්ල සූදානම්...! දින හතෙන් ශක්‍යතා අධ්‍යයනය ඇරඹෙයි..! (VIDEO)


කොළඹ නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරනු ලබන සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමේ මූලික අදියර ලෙස ශක්‍යතා වාර්තාව හා උපදේශන කාර්යයන් සඳහා ජාත්‍යන්තර උපදේශක මට්ටමේ ආයතනයක් වන කොරියාවේ සෙන් යං ආයතන හා ගිවිසුම් ගත වීම අද දින (22) මහානගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී සිදුවිය. මෙම ගිවිසුම සඳහා දෙපාර්ශවය වෙනුවෙන් මහානගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ සහ සෙං යං ආයතනයේ උප සභාපති කිම් නම් සියොල් යන මහත්වරුන් අත්සන් තැබූහ. මේ සඳහා රුපියල් මිලියන 202 වැය කිරීමට නියමිතය. ගිවිසුම අත්සන් කොට දින 7 ක් ඇතුලත සෙං යං ආයතනය සිය වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇත. 
මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලූ දුම්රිය මාර්ග හතක් ඉදිකිරීමට යෝජිතය.

එනම්,
01. කොල්ලූපිටිය, බම්බලපිටිය, බොරැල්ල, යූනියන් පෙදෙස සිට මරදාන දක්වා (කි.මී.14.8),
02. කොටුව, මරදාන, මට්ටක්කුලිය සිට පෑලියගොඩ දක්වා (කි.මී. 11.5),
03. දෙමටගොඩ, බොරැල්ල, කිරුලපන, හැව්ලොක් ටවුන් සිට බම්බලපිටිය දක්වා (කි.මී. 10),
04. මාලඹේ, බත්තරමුල්ල, බොරැල්ල හරහා පිටකොටුව. (කි.මී. 15.3),
05. මාලඹේ, කොට්ටාව (කි.මී. 9.6),
06. මාලඹේ, කඩුවෙල (කි.මී. 6),
07. පෑලියගොඩ, කඩවත (කි.මී. 13) වේ.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply