Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කොළඹට කිරි ගමට කැකිරි යයි සිතන පාපන්දුවේ ඉහල පුටු කුරුණෑගල ‘පෙලිකන්ස්’ කණ්ඩායමට කොකා පෙන්වයි..! (PHOTOS)



ලංකාවේ ක්‍රීඩාව සම්භන්දයෙන් කාලයෙන් කාලයට විවිද දේ ඉස්මතු වන බව අප කවුරුත් දන්නා කරුණකි.පසුගිය දින වල ක්‍රිකට් ක්‍රීඩාව සම්භන්දයෙන් විවිද විවේචන එල්ල වන ආකාරය මාධ්‍ය හරහා දැක ගත හැකි විය.ක්‍රීඩා ක්ෂේත්‍රයේ කඩා වැටිමක පෙර සලකුණු පෙන්වා දුන් එම සිදුවීම් මාලාව සම්භන්දයෙන් රටේ ජනතාව තුල ගොඩ නැගුනේ දැඩි අප්‍රසාදයකි.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වූ එම ඉරණම පාපන්දු ක්‍රීඩාවටද අත්වන බව හඟවන පුවතක් කුරුණෑගලින් වාර්තා වේ.එනම් “ඩයලොග් චැම්පියන්ස් ලීග්” තරගාවලියේ සිදුවූ සිදුවීමක් නිසාය.මෙම තරගමාලාවේ එක් තරගයක් ඊයේ (15) දින කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.ඒ කුරුණෑගල ‘පෙලිකන්ස්’කණ්ඩායම හා ‘රිනවුන්ස්’ කණ්ඩායම් දෙක අතරයි.
තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය වී තිබූ අතර කණ්ඩායම් දෙකද ක්‍රීඩා පිටියට වාර්තා කර තිබුණි.කෙසේ වුවත් විනිසුරුවන් දෙදෙනා මුලික ශාරීරික ව්‍යායාම වල පවා නිරත වී සිටි මොහොතක එක් වරම තරගය නවතා දමන ලෙස තරග තීරකවරයා විනිසුරුවන්ට දැනුම් දී තිබේ.කිසිවෙකුටත් සිතා ගත නොහැකි පරිදි සිදුවූ මෙම සිදුවීම නිසා අදාළ අවස්තාව උණුසුම් ස්වභාවයක් ගන්නා ලදී.කෙසේ වෙතත් තරග තීරකවරයා දන්වා ඇත්තේ ක්‍රීඩා පිටියේ පවතින දුර්වලතා නිසා තරගය නතර කරන්නට සිදුවන බවයි.
මෙය සම්පුර්ණයෙන්ම කුරුණෑගල ‘පෙලිකන්ස්’ කණ්ඩායමට විරුද්දව ගොඩ නගන ලද කුමන්ත්‍රණයක් බව සිද්දිය වූ ස්ථානයේ සිටි අප වාර්තාකරු ප්‍රකාශ කරන ලදී.එයට හේතුව වන්නේ තරඟය ආරම්භ කිරීමට ඔන්න මෙන්න තියා තරග තීරකට ලැබෙන දුරකථන ඇමතුමකින් පසුව ඔහු තරගය නවතා දමන ලෙස දැනුම් දීමයි.අනික් කරුණ නම් “ඩයලොග් චැම්පියන්ස් ලීග්” තරඟමාලාවට අදාලව මෙම ක්‍රීඩා පිටියේ මින් පෙර තරඟ 04 පවත්වා තිබූ පසුබිමක මෙම තරඟය පමණක් අවලංගු කිරීමය.තවද මෙම තරඟය ‘පෙලිකන්ස්’ කණ්ඩායම ජයග්‍රහණය කලේ නම් ඔවුන් තරගාවලියේ ඉදිරියට පැමිණෙනු ඇත.මේ පිළිබඳව රිනවුන්ස් කණ්ඩායම බියවූ බවද බොහෝ දෙනා සදහන් කරන ලදී.
ලංකාවේ පාපන්දු ක්‍රීඩාව කොළඹට පමණක් සිමා කරමින් පාලකයින් මේ ගෙනයන වැඩපිළිවෙල සියලු ක්‍රීඩකයින්ගේ දෝෂ දර්ශනයට ලක්වී හමාරය.ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සිටින රිනවුන්ස් වැනි කණ්ඩායමක් කොළඹින් පරිභාහිර කණ්ඩායමක් ඉදිරියේ තම බලය භාවිතා කොට මෙවැනි ක්‍රියා සිදු කිරීම ලැජ්ජාසහගත බව රටට හෙළිවී හමාරය.
හොඳ තත්වයේ නෑ කියූ ක්‍රීඩා පිටිය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply