Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » "මේ අපේ ජනාධිපති" - රාජපක්ෂලාගෙ හත්මුතු පරම්පරාවටම එන්න කියලා, කළගුණ සළකන්න දීපු උපන්දින සාදයෙදි, ෂැම්පේන් බෝතලය කඩමින් ෂැන්ග්‍රීලා අධ්‍යක්ෂ කරපු කතාව මෙන්න (PHOTOS)



පසුගිය බ්‍රහස්පතින්දා (16) වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංකේතීය වශයෙන් පීත්ත පටි කපා විවෘත කළ Shangri-La Colombo තරු පංතියේ සුපිරි හෝටලය 17 රාත්‍රී  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ අය මෙන්ම අනෙක් රාජපක්ෂවරුන්ද ඇතුළුව නිළ වශයෙන් විවෘත කර තිබේ. 
sajad mawjun

මෙම නිළ විවෘත කිරීම බ්‍රහස්පතින්දා රාත්‍රියේම සංවිධානය කර තිබුනද මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදෙන බැවින් එදින රාත්‍රී එම උත්සවය සංවිධානය කරන ලෙස Shangri-La Colombo හෝටලයේ අධ්‍යක්ෂක, කෝටිපති ව්‍යාපාරික සජාඩ් මව්සූන් (Sajad Mawzoon) මහතා  පාලනාධිකාරියට නියෝග කර ඇත.
ඒ අනුව පෙරේදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සැමට දුර්ලබ ගණයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට Shangri-La Colombo හෝටලයේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ. සුපිරි ගණයේ චීන සාම්ප්‍රදායික රස මසවුළුවලින් විචිත්‍රවත් වූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය චීන සාම්ප්‍රදායික අංගයන්ගෙන් සමන්විත විය.

17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් උපන්දින කේක් කපා ඇති අතර එය Shangri-La Colombo පාලනාධිකාරිය විසින් පිළියෙල කර තිබිණි.

16 වන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් හෝටලය සංකේතීය ආකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව 32 වන මහළ වෙත කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී අමුත්තන්ට කෙටි කෑම වර්ග හා තේ කෝප්පයකින් පමණක් සංග්‍රහ කළද ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහය විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන් උතුරා ගිය එකක් විය.

උත්සව ශාලාව වෙත මහින්ද රාජපක්ෂ මහතා සහ එම මහත්මිය පැමිණෙන විට ඔවුන් දෙපළ පිළිගනිමින් අධ්‍යක්ෂක සජාඩ් මව්සූන් පවසා ඇත්තේ 'මේ ඉන්නේ අපේ ජනාධිපති' යැයි පවසමිනි. එහි රැස්ව සිටි පිරිස් ඊට අත්පොලසන් නගා ප්‍රතිචාර දක්වත්ම එක් අයෙකු පවසා ඇත්තේ '72 වැනි උපන් දිනය කියන්නෙ ඉතා සුබ එකක්. ජේ.ආර්. ජයවර්ධන ලංකාවෙ පළවෙනි විධායක ජනාධිපති උනේ අවුරුදු 72 දි. ඔබතුමා ආයෙත් ජනාධිපති වෙන එක සක්කරයටවත් වලක්වන්න බෑ.' කියාය.

මෙම අවස්ථාව විදහා දැක්වෙන ශ්‍රව්‍ය - දෘශ්‍ය හඬපට මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.
Shangri-La Colombo හෝටලයේ අධ්‍යක්ෂක ඇතුළු පාලනාධිකාරිය යහපාලන රජය සමග නොහොඳ නෝක්කාඩු වී සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් වෙත සින්නක්කරව පැවරූ හෝටල් භූමි පරිශ්‍රය නව රජය යටතේ දීර්ඝකාලීන බද්දකට පරිවර්තනය කළ හෙයිනි. එහෙත් තමා පවරා දුන් සින්නක්කර ඔප්පුව මහින්ද රාජපක්ෂ මහතා සඟවමින් සිටී. මීට පෙර අප එකී ඔප්පුවේ පිටපත් අප වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කළ අතර හුදී ජන පහන් සංවේගය උදෙසා එය නැවත පළ කරන්නේ Shangri-La රාජපක්ෂට මෙතරම් ආදරය කරන්නේ ඇයිදැයි වටහා දීමටය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ උපන් දින සාදය 18 වැනිදා රාත්‍රී, හිටපු අමාත්‍ය අර්ල් ගුණසේකර මහතාට අයත් මහනුවර අර්ල් රීජන්සි හෝටලයේදී පවත්වා තිබේ.

- LNW


shangri la 1

shangri la 2

shangri la 3

shangri la 4

shangri la 5

shangri la 6

shangri la 7

shangri la 8

shangri la 9

shangri la 10
shangri la 11

2010 දෙසැම්බර් මස 28 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 75කට මෙම ඉඩම විකුණා දමා තිබේ. එහි සඳහන් වන්නේ "ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ට හා එහි උරුමක්කාරයින්ට හා පොල්මඃකාරයින්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන" බවය. ඉඩම් විකිණීම් සම්බන්ධයෙන් මහින්ද කතා කරන්නේ රෙදිත් ඇඳගෙනදැයි අපට විමසිය හැකි නමුත් මහින්දගේ මෑත කාලීන ක්‍රියා සහ රෙදි අතර සම්බන්ධයක් නොමැති තරම් වන බැවින් අපට මහින්දගෙන් අසන්නට ඇත්තේ "මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?" කියා පමණ ය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply