Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » දකුණු කොරියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක අවධානමක්.. ශ්‍රී ලංකා ජනපතිගේ ආරක්ෂාව තර කෙරේ...! (PHOTOS)



උතුරු කොරියාව එදාමෙදා තුර වඩාත් ඉහළින්ම ගමන් කරන ලෙස දියත් කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් මැටිස් අනාවරණය කරයි.

බදාදා උදෑසන දියත් කර තිබූ මෙම මිසයිලය ජපාන සාගරයට පතිත වී තිබුණි.

එය කිලෝමීටර් 4,500ක් ඉහළින් ගමන් කරමින් කිලෝමීටර් 960ක් දුර පියාසර කර සාගරයට පතිත වී ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
ප්යෙන්ග්යැන්ග් පාලන අධිකාරිය විසින් පසුගිය කාලය පුරාවට දියත් කරනලද මිසයිල හා න්‍යෂ්ටික වැඩපිළිවෙළෙහි නවතම මිසයිල අත්හදා බැලීම මෙයයි.

උතුරු කෙරියාවේ ප්යොන්යැන්ග් පළාතේ, ප්යොන්ග්සොන් හි සිට මෙම මිසයිලය උඩු ගුවනට විද ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ඇමෙරිකාව මෙන්ම ලොව ප්‍රබල රටවල් කිහිපයක් සමග උණුසුමක් පවතින අවස්ථාවේදී ඔවුන් කිසිවෙකුගේ කීමක් මායිම් නොකර තම මිසයිල වැඩසටහන ඉදිරියට ගෙන යන බවට මෙය තවත් සාක්ෂියක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ අතර සංචාරයක් සඳහා කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි ආරක්ෂාවක් ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. 

සම්බාධක පැණවීම නිසා උතුරු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර උණුසුම් තත්වයක් ඇති වී ඇති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවට පැමිණ සිටියදී පවා  නිහඬව තිබූ උ. කොරියානු න්‍යෂ්ටික මිසයිල වැඩසටහන එක්වරම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැමිණීම සමඟ සක්‍රීය වීම එරට ආරක්ෂක අංශ වල විශේෂ අවධානයට ලක්ව ඇතැයි අනාවරණය වී ඇත.

සිය රටට පැමිණි දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍යයක ගරු ජනාධිපතිවරයා පිළිගැනීමට රාජ්‍යතාන්ත්‍රික වත් පිළිවෙත් නොතකා හොර රහසේම ද.කොරියානු ජනාධිපතිවරයා එරට පන්සලකට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කලා.

1_Missile-launch4South Korea North Korea Missiles2



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply