Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මොබිටෙල් Internet Speed වැඩි බව පෙන්නන්න කරපු වැඩේ නිසා ලංකාව ලෝකයක් ඉදිරියේ පච වෙයි...!



ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ කියලා කතාවක් ඔබ අහලා තියෙනවනේ. ඒ කියන්නේ තමන්ගේ තරම දැනගෙනයි වැඩ කරන්න ඕනේ. ඒත් ඉතින් හැල්මේ දුවන මේ වෙළද ලෝකේ, ලාභය වැඩි කරගන්න සමහර  සමාගම් නොකරන දෙයක් නෑ. කොටින්ම කියනවනම් තමන්ට තව අවුරුදු 5 ක් ගියත් දෙන්න බැරි සේවාවන් ගැන TV වල Radio වල Add පවා දානවා.

හැබැයි ඉතින් Internet Speed එක ගැන නං කිසිම කෙනෙක්ට එහෙම බොරුවට ලොකු ලොකු ඉලක්කම් දාලා Add දාන්න බෑ. මොකද TRC, ඒ කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව සැරින් සැරේ අපේ රටේ දුරකථන සේවා සපයන අායතන, Add වල දාන විදිහටම වේගයෙන් සහ ගුණාත්මකව පාරිභෝගිකයන්ට අන්තර්ජාල පහසුකම් දෙනවද කියලා හොයලා බලනවා. ඒ වෙනුවෙන් TRC එක විශේෂ පරීක්ෂණ කරනවා. ඉතිං ඒ Test වල වේගය අතින් ඉහළටම එන අායතන ඒ බව තමන්ගේ Add වලටත් දාගන්නවා. 

ඒත් දැන් TRC පරීක්ෂණ වල ගුණාත්මක බව ගැන ප්‍රශ්ණයක් ඇතිවෙලා. මොකද පහුගිය මාස වලදි TRC ය කරපු Speed Test වලින් ආපු ප්‍රතිඵල වල ලොකූ වෙනස්කමක් තියෙනවා. Internet Speed එක පෙන්නන වගුවේ එක පාරටම ලොකූ වැඩිවීමක් වෙලා. හැබැයි එ් මොබිටෙල් 4G LTE ජාලයේ විතරයි. 

ලොකුම පුදුමෙ තමයි මොබිටෙල් Speed එක SLT 4G වගේම ADSL වේගයටත් වඩා දෙගුණයක් වැඩිවුනු එක. TRC එක කියන විදිහට මොබිටෙල් Internet Speed එක 50 Mbps ටත් වඩා වැඩීයි. ඒ කියන්නේ මේ ගාණ SLT fiber optics වේගයෙන් බාගයක් වගේ.


අැත්තටම මෙහෙම Internet Speed එකක් ලැබෙනවා නං ඉතිං ස්ථාවර සම්බන්ධතා තියාගෙන ඉඳලත් වැඩක් නෑ. හැමෝටම පුළුවන් දැන්මම මොබිටෙල් 4G වලට මාරු වෙලා දවසම Netflix එකෙන ෆිල්ම් stream කර කර ඉන්න. හැබැයි ඉතිං කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවකුත් තියෙනවනේ. ඒ නිසාම රැහැන් රහිත Connection එකකින් මෙහෙම Speed එකක් ලැබෙන්න පුලුවන්ද කියලා අපි හොයලා බැලුවා.


ලෝකය පුරා Internet Speed මිනුම් වලට අනුව ‍ලංකාවේ Internet Connection වල Speed එක සෑහෙන්න හොඳ මට්ටමක තිබුණත් කවදාවත් ඒක ඉහළම මට්ටමකට ගිහින් නෑ. Speedtest වෙබ් අඩවියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතාවල සාමාන්‍ය Internet Speed එක තියෙන්නේ 9 Mbps විදිහටයි. වේගය අතින් අපි හරියටම ඉන්දියාවට උඩින්. මේ සටහනේ අංක එකේ ඉන්නේ නෝර්වේ. ඔවුන්ගේ Speed එක 59 Mbps. එහෙම බලද්දි මොබිටෙල් 4G Connection එක TRC පරීක්ෂණයේදී පෙන්නපු Speed එක නෝර්වේ Speed එකට වඩා ටිකයි අඩු. ඉතිං ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන්ද ?


TRC  දත්තවලට අනුව මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වෙද්දී මොබිටෙල් 4G LTE පෙන්නුම් කරපු උපරිම වේගය වුණේ 19.32 Mbps ක්. කොහොම වුණත් ජූලි මාසේදී මේ උපරිම වේගය 38.40 Mbps දක්වාත්, අගෝස්තු මාසයේදී එය 76.44 Mbps දක්වාත් වැඩි වෙලා තියෙනවා.


අපි මේ තොරතුරු ලබා ගත්ත අවස්ථාවේ TRC එකේ මැයි සහ ජූනි මාසවල කරපු පරීක්ෂණවලට අදාළ දත්ත තිබුණේ නෑ. මැයි සහ ජූනි මාසවලදී මොබිටෙල් මොකක් හරි ලොකූ Update එකක් කරපු නිසා හරි වෙන හේතුවක් නිසා හරි එහෙම වුනා වෙන්න පුලුවන්. 


ඉතිං එකපාරටම මොබිටෙල් වල Speed එක වැඩි වුනෙ කොහොමද කියලා බලන්න හොදම ක්‍රමේ තමයි Mobile Network එකේ ඇත්තටම Data ගමන් කරන්නේ කොහොමද කියලා හොයලා බලන එක. Wireshark කියන Software එක හරහා මොබිටෙල් 4G සහ 3G වෙන වෙනම පරීක්ෂා කරලා බැලුවම Server time එක වෙනස් වෙන්නේ නෑ. ඒත් සාමාන්‍ය විදිහට නම් කාලයත් එක්ක server time එකේ වෙනසක් සිදු වෙන්න ඕනේ. 


ඩයලොග් වගේ වෙන Connection එකක් මේ Softwar එකෙන් පරීක්ෂා කළාම Sever Time එකේ වෙනසක් පෙන්නවා.


ඉතිං මොබිටෙල්  Connection එක ගැන උනන්දුවෙන් හොයලා බැලුවාම පේන දෙයක් තමයි “X-Cache HIT” කියන කොටස. මේකෙන් සිද්ධ වෙන්නේ අපි ඉල්ලන දත්ත ලංකාව ඇතුලෙම තියෙන Server එකකින් අපිට ලබා දෙන එකයි. ඒක සිද්ධ වෙන්නෙ CDN කියන එක හරහා.


මේ වචන එකතුවෙන් පෙනෙන්නේ මොබිටෙල් CDN එකක් පාවිච්චි කරනවා කියලයි.

ඩයලොග් සහ SLT සම්බන්ධතා පරීක්ෂා කරනකොට X-Cache HIT කියන කොටස දකින්න ලැබෙන්නේ නැහැ.


මේ CDN එකකින් වෙන්නෙ අදාළ දත්ත ඇත්තටම තියෙන Server එකෙන් අරගෙන ලංකාව තුළ තියාගන්න එකයි. එහෙම කළාම ශ්‍රී ලංකාවේ කෙනෙක් එ් දත්ත ලබා ගන්න උත්සාහ කළොත් මුල් Server එකට ගිහින් අදාල දත්තය අරං එනවට වඩා ඉක්මනට CDN හරහා අදාළ දත්ත සපයන්න පුළුවන් කම ලැබෙනවා. එතකොට පේන්නේ Internet Speed එක වැඩීයි කියලයි.

TRC එක අනෙක් අනිත් Connection වල Speed එක පරීක්ෂා කරනකොට අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ අැමරිකාවේ තියෙන Server එකකින්. හැබැයි මොබිටෙල් 4G පරීක්ෂා කරනකොට එ් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ ශ්‍රී ලංකාව තුළ තියෙන Server එකෙන්. එ් හින්දා පරීක්ෂණයේදී මොබිටෙල් වල Speed එක ඉතා ඉහලයි. මොකද ලෝකයේ එහා කෙළවරේ තියෙන අැමරිකාවේ Server එකට ගිහින් Download  කරගන්න එකට වඩා බොහොම ඉක්මනින් ලංකාවේ තියෙන Server එක හරහා ඉක්මනින් Download කරගන්න පුළුවන්නේ.

ඒ නිසයි මේ පාර TRC පරීක්ෂණයේදී එක Connection එකක් විතරක් ජාත්‍යන්තරය පවා පරදන වේගයක් පෙන්නන්න හේතුව.  සමහරවිට දැන් ඔබට හිතෙයි මොන ක්‍රමයකින් හරි Internet Speed එක වැඩි කරපු එක හොදයිනේ කියලා. නෑ අත්තටම එහෙම ලොකූ Speed එකකින් Load වෙන්නේ    CDN පාවිච්චි කරන Web site කිහිපයක් විතරයි. ඒ නිසයි හැම වෙබ් අඩවියකම Download Speed එක වැඩි වෙලා නැත්තේ. ඉතින් මේ ක්‍රමය TRC Test වලින් උඩට එන්න හොද වුනත් Internet පාවිච්චි කරන ඔබට නම් තඹ සතේක වැඩක් නෑ කියලා තේරෙනවා නේද?

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply