Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » නිදහස් පක්ෂය ඇගිල්ල නමන්න ඉල්ලයි...! පොහොට්ටුව එපා කියයි... මැතිවරණ ලකුණ නිසා කොමිසමට ඔලුවේ කැක්කුම



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ආරම්භක ජන්ද සලකුණ වෙනස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රීලනිපය මැතිවරන කොමිසමෙන් කරන ලද ඉල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහත් ආන්දෝලනයක්  හටගෙන තිබේ. 

නිදහස් පක්ෂය හදිසියේ කරන මෙම ඉල්ලීම අනුව ඔවුන් අපේක්ෂා කරන්නේ අත සළකුණේ සෘජුව ඇති මාපට ඇඟිල්ල නවන ආකාරයේ වෙනසක් සිදුකිරීමටයි.

මෙම යෝජනාවට බරපතළ ලෙස විරෝධය පලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට සිය විවේචන දක්වමින් ඊයේ (24) ලිපියක් යොමුකර තිබේ. 

යම් ආකාරයකින් නිදහස් පක්ෂ අත ලකුණෙහි මහපට ඇගිල්ල නැවීම හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ලාංජනය වන පොහොට්ටුවට සමාන බැවින්  මැතිවරණවලදි බරපතල අවුල් සහගත තත්වයක් උද්ගත වන බැවින් ඊට ඉඩ ලබා නොදෙන ලෙස ඉල්ලමින් පොදුජන පෙරමුන පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අදාළ ලිපිය මැතිවරණ කොමිසමට භාර දී ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply