Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » මහින්ද - මෛත්‍රී එක් වුනොත් ජන්දයේදී බුද්ධ පුත්‍රයින්ගෙන් කිසිදු සහායක් නෑ...!


ආණ්ඩුවේ  සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය එක්වුවහොත්  රාජපක්ෂ මහතාට  මහා සංඝයා වහන්සේලාගේ සහාය නොලැබෙන බව මව්බිම සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද (28දා) පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“සෑම අවස්ථාවකදීම හිටපු ජනාධිපතිවරයා සමග සිටිනවා. ශ්‍රීලනිප ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමේ අදහස වහාම අත්හර දැමිය යුතුයි.මන්ත්‍රීකම් රැක ගැනීමේ ආසාවෙන් සිටින  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු  ශ්‍රීලනිප ඇමතිවරුන් සමග එක්විය යුතු බවට නිතර පවසනවා.



එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ යෝජනාවලට හසුනොවනු ඇතැයි මහාසංඝයා වහන්සේ විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ පුද්ගලයා ලෙස එහි වත්මන් නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකියි.” යැයි ද පවසා සිටියහ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply