Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නිදොස් කොට නිදහස් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි..!




තමා නිදොස් කොට නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් තමාට එරෙහිව නඩු පැවරීම නීත්‍යානුකූල නොවන බැවින් තමා නිදොස් කොට නිදහස් කරන ලෙස ය.

ඇවන්ට් ගාර්ඩ් සමාගමට නීති විරෝධීව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140ක අලාභයක් කිරීම ඇතුළු චෝදනා 19 ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

අද දිනයේ සැකකරුවන්ට එරෙහි චෝදනා අධිකරණය හමුවේ කියවා දෙනු ලැබිණි.


x

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply