Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » චන්දිමාල් ගංගා මෑණියන් ගැන කියූ කතාවට පාකිස්ථානය කින්ඩි දමයි...!

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කළ ප්‍රකාශයක් මාධ්‍ය අතර දැඩි අවධානයකට යොමුවිය.

ඒ තරග දිනා ගැනීම සඳහා දක්ෂතාව මෙන්ම ආශීර්වාදයත් අවශ්‍ය බව පැවැසීම හේතුවෙනි. එසේම දක්ෂතාව තිබුණත් ඉදිරියට යෑමට ආශීර්වාදය අවශ්‍ය බව චන්දිමාල් සඳහන් කළේය.

චන්දිමාල්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්ථානු නායකයා පවසන්නේ  එම කතාවෙන් පුදුමයට පත්වූ බවත් එය ඇසූ මොහොතේ සිට සිනායන බවත්ය.

‘‘ හොඳින් පන්දුවට පහර නොදුන් නිසා සහ හොඳින් පන්දු නොයැවූ නිසා තමයි අපි පැරදුනේ.. එච්චරයි‘‘ ඔවුන්ට මයා බලයකින් ටෙස්ට් තරඟාවලිය දිනන්න පුලුවන් වුණා නම්, එක්දින හා විස්සයි 20 තරඟාවලියත් දිනන්න තිබ්බා‘‘ යනුවෙන්ද පාකිස්ථානු පවසයි.

තමා ඉස්ලාම් භක්තිකයෙකු ලෙස කුරාණය විශ්වාස කරන බවත්,ලෝකයේ මැජික් හා මයා බලයක් වැනි යමක් තිබුණත් ටෙස්ට් තරඟාවලිය පරාජය වීම කෙරෙහි සම්පූර්ණ වගකීම භාරගත යුත්තේ තම පිතිකරුවන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටි.

මේ අතර චන්දිමාල්ගේ එම ප්‍රකාශය පාකිස්ථානයෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන මොහොමඩ් යූසුෆ්ගේද විවේඡනයට ලක්ව තිබේ.ඔහු එහිදී පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව එවැනි දෑ වලින් ඈත්විය යුතු බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply