Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » කෝපායි මහවිරු සොහොන ලඟ උණුසුම් තත්වයක්..!


යාපනය, කෝපායි පිහිටි මහවිරු සොහොන අසළ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව යාපනය කෝපායි ප්‍රදේශවාසීන් පවසති.
කෝපායි ප්‍රදේශවාසීන් පැවසූවේ යුධ හමුදා සාමාජිකයින් හා ප්‍රදේශවාසීන් අතර යම් නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන ඇති බවයි.
කෝපායි මහවිරු සොහොන අවට ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මහවිරු සැමරුම සිදුකිරීමට සැරසිළි කටයුතු හා ශ්‍රමදානයක් පවත්වා ඇති අතර, එහිදි අදාළ ස්ථානයට යුධ හමුදා සාමාජිකයින් පිරිසක් යුධ රථයක් රැගෙනවිත් ඇති අවස්ථාවේ දී අදාළ නොසන්සුන්කාරි තත්ත්වය හටගෙන ඇති බවද ප්‍රදේශවාසීන් කියා සිටිති.
පසුව යුධ හමුදා බස් රථයක්ද අදාළ ස්ථානයට පැමිණ ඇත.
ප්‍රදේශවාසීන් පැවසූවේ කෝපායි මහවිරු සොහොන අසළ යුධ හමුදා කඳවුරක් පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ එවැනි නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන නොමැති බවයි.
(නෙත් නිව්ස්)

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply