Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මතුගම හරක් මස් කඩ ටෙන්ඩරය ගත් ස්වාමීන්වහන්සේට අනපේෂිත ගැටලුවක්...? සිංහල බෞද්ධයින්ගේ සහය අවැසි මොහොතක්....



මතුගම නගරයේ ගව මස් කඩය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දිනා ගත් පුවත අප මින් පෙර වාර්තා කළා. ඉන් පසුව එම සිදුවීම සමාජයේ අතිශය කතාබහට ලක් වීමද සිදු වුනා.
2018 වර්ෂය සදහා එලෙස මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත්තේ මතුගම මහකලූපහණේ සේලත්තලාරාම විහාරාධිකාරී මාවිට ඥානරතන හිමියන් විසින්.
කෙසේ වෙතත් රුපියල් තිස් දෙලක්ෂ විසිපන්දාස් හයසිය විසි දෙකක මුදලකට මාවිට ඥණරතන හිමියන් මතුගම ගව මස් කඩය සදහා ටෙන්ඩරය ලබා ගත්‍තත් නියමිත දිනට උන්වහන්සේට ටෙන්ඩරය සදහා මුදල් ගෙවීමට නොහැකි වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව මෙම ටෙන්ඩරය සදහා රුපියල් ලක්ෂ 32ක මුදල ගෙවීමට මාවිට ඥණරතන හිමියන්ට ඊයේ (13 වැනිදා) සවස 3.00 ට පෙර කල් දී තිබූ අතර ඒ සඳහා තවත් දින තුනක්‌ කල් ලබාගැනීමට උන්වහන්සේ මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබෙන බව සදහන්.
එම ඉල්ලීම සලකා බැලු මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ එම මුදල් තැන්පත් කිරීමට තවත් දින තුනක්‌ මාවිට ඥණරතන හිමියන්ට කල් ලබාදීමට කටයුතු කර තිබේ. නොවැළැක්‌විය හැකි හේතුවක්‌ මත මුදල් තැන්පත් කිරීමට මෙසේ දින තුනක කාලයක්‌ කල් ලබාගැනීමට සිදු වූ බව මාවිට ඥනරතන හිමියෝ මාධ්‍යයට කියා සිටියා.
කෙසේ වෙතත් ටෙන්ඩරය දිනා ගන්නා පුද්ගලයා මෙම මස්‌ වෙළෙඳසැල ටෙන්ඩරයක්‌ මගින් ලබාගැනීමෙන් පසු එය විවෘත නොකර තබාගැනීම නීත්‍යානුකූල නොවන බව මතුගම ප්‍රාදේශීය සභාව පවසනවා. මාවිට ඥණරතන හිමියන් මින් පෙර පැවසුවේ කෙලෙස හෝ මුදල් සොයා ගෙන , ගව මස් කඩය වසා දමන බවටයි. මේ වනවිට මාවිට ඥාණරතන හිමියන් මස්‌ කඩය වසා දැමීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම පළාත් පාලන කොමසාරිස්‌වරයා වෙත යොමුකර තිබෙන බවද සදහන්.
එම තීන්දුව ලද පසු මේ පිළිබඳ ස්‌ථිර නිගමනයකට එළැඹෙන බව ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මේ පිළිබදව අදහස් දක්වමින් මාධ්‍යයට කියා සිටියා

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply