Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » "බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය වෙනත් කිසිදු ආගමකට ලබාදෙන්නේ නෑ" - ඇමති දුමින්ද නව ව්‍යවස්ථාව ගැන කියන කතාව මෙන්න




බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය වෙනත් කිසිදු ආගමකට ලබා දෙන ලෙස හෝ එය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ යන ප්‍රධාන පක්ෂ කිසිවක් ඉල්ලා නොමැති බව නිදහස් පක්ෂ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වේ යැයි බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලා අතර අනියම් බියක් ඇති කර  දේශපාලන වාසි ලබා ගැනීමට පිරිසක් උත්සාහ කරනවා. නමුත් එසේ සිදුවන්නේ නැහැ. සුලු සුලු දේශපාලන කණ්ඩායම් වලට වෙනස් වෙනස් මත පැවතිය හැකියි. නමුත් ප්‍රධාන පක්ෂ කිසි විටෙකත් ඒ සඳහා සහය ලබාදීමට කටයුතු කරන්නේ නෑ.

උතුරේ ප්‍රශ්ණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී 13+ ව්සදුමක් යෝජනා වුණා. සියලු දෙනා ඒ සඳහා කැමති වුණා. අපි ඔවුන්ට සාධාරණ විසදුමක් ලබා දිය යුතුයි." යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ නව බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply