Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ගීතා ගෙදර - පියසේන ඇතුලට

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තහවුරු කළේය.

ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට ප්‍රදේශවාසීහු දෙදෙනක් ඉදිරිපත් කළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය මීට පෙර එය තහවුරු කළ අතර ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබු අභියාචනය විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබීය.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වැනිදා ප්‍රකාශයට පත් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply