Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » " නෑ නෑ නැගිටින්න එපා , උබ ඔහොමම ඉදපං , කවදාහරි ජනාධිපති කෙනෙක් වේවිද දන්නෙ නෑනේ " - ඉසුර එක්ක සෙල්ෆි ගහන ගමන් ජනපති කියපු කතාව

පසුගිය දිනක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී කසළ කළමනාකරණය පිළිබද සාකච්ඡාවක් පැවැත්ව තිබේ. මේ සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියද සාකච්ඡාවට පැමිණ තිබේ. මෙහිදි සිදුවූ අපූරු සිදුවීමක් මුද්‍රිත මාධ්‍ය වාර්තා කරන අතර සිදුවීම සැකෙවින් මෙලෙසය.

මහ ඇමති ඉසුරට සාකච්ඡාවට එන්නැයි දැනුම් දෙන විට ඔහු ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා පිටත්ව ගොස් සිටියේය. එහෙත් එක්වරම ජනාධිපතිවරයාගෙන් කැඳවීමක් ලැබුණ නිසා ව්‍යායාම් කිරීම් පසෙක තබා ඔහු ජනාධිපති නිල නිවසට පිටත්ව ගොස් තිබේ.
ඉසුර ජනාධිපති නිල නිවසට එන විට හිටපු ජනාධිපතිනියද එහි පැමිණ සිටියාය. ඉසුර චන්ද්‍රිකා සමග වැඩි ඇයි හොඳයියක නැත්තේ කුණු ප්‍රශ්නයක් නිසාමය. ඇය වාඩි වී සිටි පුටු සෙටියේම ඉසුර වාඩි විය. ටික වෙලාවකින් මෛත්‍රී එහි පැමිණි අතර ඉසුර අසුනින් නැගිටීමට සූදානම් විය.

“නෑ.. නෑ.. උඹ ඔහොම ඉඳපං” කී ජනපතී මෛත්‍රී ඉසුර අසලින්ම වාඩිවි තිබේ.

“උඹ ජොගිං ගියා කිව්වට ජොගිං ගියපු පාටක් නම් පේන්න නෑ. මේ දැන් ජනාධිපතිවරු දෙන්නෙක් මැදට වෙලා ඉන්න විදිය දැක්කම කවදාහරි ජනාධිපති කෙනෙක් වේවිද කියලා කියන්නත් බෑ” ජනපති මෛත්‍රී කීවේ සිනාසෙමින්ය.

“ඊළඟ ජනාධිපති වෙනවානම් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕනනේ. ඒ නිසා මම ජොගිං ගියා සර්” ඉසුර විහිළුවෙන්ම පිළිතුරු දුන්නේය.
මේ අතර ඉසුර තමන්ගේ ජංගම දුරකථනය අතට ගෙන ජනාධිතිවරු දෙදෙනා මැදිව සිටින සෙල්ෆියක් ගෙන තිබේ
“මහ ඇමැති වුණාට ‍පොඩි අය කරන වැඩත් කරනවානේ” සෙල්ෆි ගනු දුටු ජනපති මෛත්‍රී කියා තිබේ.

“මම මේ ජනාධිපතිවරු දෙන්නෙක් මැදනේ ඉන්නේ. ඒක නිසා තමයි මේ සෙල්ෆි ගන්නේ” යනුවෙන් ඉසුර පිළිතුරු දී තිබේ.

- Neth News

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply