උතුරු කොරියාව විසින් දිගින් දිගටම සිදුකරන ප්රකෝපකාරි න්‍යෂ්ටික අත්හදාබැලීම් සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සහය පතන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.
අද ජනාධිපතිවරුන් දෙපළ අතර පැවති සාකච්ජා වලදී මෙම ඉල්ලීම සිදුකර ඇතැයි වාර්තා වී ඇත.
මෙම ගැටලුව විසදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදෙන සහාය එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස අගය කර තිබේ.
ලෝකයේම සාමයට සහ සුරක්ෂිතභාවයට තර්ජනයක් වී ඇති මෙම න්‍යෂ්ටික ප්‍රශ්ණය විසදීමට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල මහතා එහිදී කොරියානු නායකයාට පවසා ඇත.
No comments: