Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මෙරට මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ ලෝකයේ ත්‍රස්‌තවාදීන් භාවිත කරන බිහිසුණු අවියක්‌ ගෙන්වයි..!


ලෝකයේ බිහිසුණු ත්‍රස්‌තවාදීන් භාවිතා කරන භයානක අවියක්‌ මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු විසින් මෙරටට ගෙනවිත් ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අනාවරණය කළේය.
මෙය ජාතික ආරක්‍ෂාවට මෙන්ම නායකයන්ටද බරපතල තර්ජනයක්‌ බවත් උන්වහන්සේ කියා සිටියහ.
සම්සුඩීන් නැමැති මුස්‌ලිම් ව්‍යාපාරිකයා විසින් දෙදහස්‌ දහසය වසරේ ජුලි මස විසිපස්‌ වැනිදා මෙම අවිය මෙරටට රැගෙනවිත් ඇත.
හඬ නොනැඟෙන අයුරින් මෙම අවිය භාවිත කළ හැකි බවත් සඳහන් කළ උන්වහන්සේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන මෙවැනි අවි රට තුළට ගෙන්වීමට අවසර දී ඇත්තේ කිනම් පදනමකින්ද යන්න ප්‍රශ්න කර සිටියහ.
පුද්ගලික ආරක්‍ෂාවට යෑයි කියා මෙවැනි භයානක අවි ගෙන්වීම බරපතල තත්ත්වයක්‌ බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළකළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර
– Divaina

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply