Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » යුධ හමුදාවට අනුග්‍රහය දුන් කොකා කෝලා සමාගමට සූකාගෙන් තරවටුවක්...!

යුද අපරාධ චෝදනා නැගෙන සෙන්පතියන් ගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වනු ලබන කිසිදු උත්සව අවස්ථාවක් සඳහා කවර හෝ අනුග්‍රහයක් ලබා නොදෙන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් කොකා කෝලා සමාගමින් ඉල්ලා තිබේ.

කොකා කෝලා සභාපති හර්බට් ඇලන් වෙත ලියන ලිපියකින් එම ඉල්ලීම කරන ITJP විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා ශ්‍රී ලංකා යුද හමුදාවට මුල්‍යමය අනුග්‍රහ සැපයීම හඳුන්වා ඇත්තේ සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති මානව හිමිකම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන්නක් ලෙසයි.

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේ අගෝස්තු 27 දා පවත්වන ලද ගජබා සුපර් ක්‍රොස් 2017 මෝටර් හා යතුරුපැදි ධාවන තරගාවලියට කොකා කෝලා සමාගම ප්‍රධාන අනුග්‍රහයක් දක්වා ඇති අතර තරග සංවිධායක කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

මෙම ඉසව්ව ගජබා රෙජිමේන්තුව හා එක්ව සංවිධානය කොට ඇත්තේ ශ්‍රී ලංකා රේසින් මෝටර් රථ ධාවකයන්ගේ සංගමයයි.

දසදහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන්ට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ කළ බවට චෝදනා කෙරෙන යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා බලඇණි විසින් පවත්වනු ලබන උත්සව වලට අනුග්‍රහ දැක්වීම ITJP විසින් හෙලා දැක ඇත්තේ පීඩිත දෙමළ ජනතාවට කරන අවමානයක් ලෙසිනි.

GAjaba supercross Shavendra 1

සියැට් ටයර් සමාගම:

“ශවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වැනි සේනාංකය විසින් 2008-2009 යුද්ධයේ අවසාන භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන සිවිල් දේපල වලට ෂෙල් ගැසීම, වධබන්ධන, නඩු නැති ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ඇතුළු බරපතල යුද අපරාධ වලට ගොදුරුවී, කිසිදු වගවීමකින් තොරව, දරිද්‍රතාවයේ ගැලී ඉන්නා යුද්ධයෙන් දිවි ගලවාගත් දෙමළ ජනතාවට සැබවින්ම මේ ක්‍රීඩා උත්සවය අවමානයකි,” යි යස්මින් සූකා කොකාකෝලා මව් සමාගමටත් තරගාවලියේ සම අනුග්‍රාහකයන් වන මුම්බායි නුවර මූලස්ථාන කොටගත් සියැට් ටයර් සමාගමටත් යවන ලද ලිපියේ සඳහන් කර තිබේ.

“වඩාත් විශ්මයජනක කරුණ වන්නේ ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තුවට මෙතරම් සමීප වැඩසටහනකට අනුග්‍රහ දැක්වීම යුක්ති සහගත බව කොළඹ සිටින ඔබේ කොකා කෝලා නියෝජිතයන් කල්පනා කිරීමයි,” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

සවිස්තර ලිපි ලේඛන:

ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් සකස් කරන ලද ලේඛන මාලාවක්ද ගජබා සුපර් ක්‍රොස් 2017 අනුග්‍රාහකයන්ගේ විමර්ශනය සඳහා ITJP සංවිධානය විසින් යොමු කර තිබේ.

ඒවා මැනවින් පරිශීලනය කොට ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තුව විශේෂ කොට ශ්‍රී ලංකාවේ යුද හමුදා උත්සව සඳහා සපයන සියලු අනුග්‍රහ අත්හිටුවන ලෙස කොකාකෝලා සහ සියැට්‌ සමාගම් වලින් ITJP ඉල්ලා සිටී.

මෙම අනුග්‍රහය කොළඹ සිටින කොකාකෝලා නිලධාරීන් විසින් අනුමැතිය ලබා දුන්නේ කෙසේදැයි විමර්ශනය කොට විනයානුකූල පියවර ගන්නා ලෙසත්, රට හැර පලා ගිය අය ඇතුළු වින්දිතයන්ගෙන් සමාව ඉල්ලා සිටින ලෙසත් යස්මින් සූකා යැවූ ලිපියේ සඳහන් වෙයි

2017 සැප්තැම්බර් අවසන් සතියේ යවන ලද ලිපි වලට කොකාකෝලා හෝ සියැට් සමාගම් විසින් මේතාක් පිළිතුරු ලබා දී නොමැති බව ITJP පවසයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply