Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මහින්ද මහත්තයට මලගෙදරදි චූ බරක් ඇවිත් අපේ ගෙදර ආවේ චූ දාලා යන්න - වයඹ විපක්ෂ නායක ලීක් වූ ජායාරූප ගැන කියන කතාව



හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පා.ම මහින්ද රාජපක්ෂ මහතා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශාමල් සෙනරත් මහතාගේ නිවසේ ඒ මහතා සමඟ කතා බහක යෙදී සිටින ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් පසුගියදා ෆේස්බුක් මාධ්‍ය තුල බොහෝ කතා බහට ලක්වුණා. එළඹෙන පළාත් සභා මැතිවරණයේදී එජාප මහ ඇමති අපේක්ෂකයාද වීමට නියමිතව ඇති ඒ මහතා හදිසියේම මහින්ද රාජපක්ෂ මහතා හමුවීම බොහෝ දෙනෙකුව ව්‍යාකූල කිරීමට සමත් වූ කරුණක්. කෙසේ වෙතත් එම හමුවීම පිළිබඳ සත්‍ය කතාව ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.

ආචාර්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ අවමගුලට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතාට එහිදී හදිසියේම ශරීර අවශ්‍යතාවයක් ඉටු කරගැනීමට අවශ්‍ය වී ඇති අතර පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ විසින් හිටපු ජනාධිපතිවරයාව ශමල් සෙනරත් මහතාගේ නිවසට රැගෙන ගොස් අදාළ පහසුකම් සපයා ඇත.

මහින්ද රාජපක්ෂට හාවෙක් ඇල්ලීමට (ගමේ භාශාවෙන් චූ දැමීමට ) වත් නිදහසක් නැති තරමට දේශපාලනය නොකල යුතුය යන්න අපගේ මතයයි. 

ඒ මහතා පළ කල සම්පූර්ණ සටහන පහතින් දැක්වේ. 


"හිටපු ජනාධිපති , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමගින් මා පෙනී හිදිනා ජායාරුප කිහිපයක් මුහුණු පොතේ පළකර (publish) ඇති අයුරුද , හුවමාරු ( share) වන අයුරුද , මා හොදින් හදුනන , නොහදුනන විවිධ පුද්ගලයන් තම තම නැණ හා දැක්මට අනුකූල ලෙස අදහස් උදහස් දක්වා ඇති අයුරුද මම ඇතැම්විට සුපරීක්ෂාකාරීව බලා සිටියෙමි . තවත් විටක මට ලබැදි විවිධ පාර්ශව මගින් දැනුම්වත් වුයෙමි . මා සතුවද එම ජායාරුප ඇතත් මම මෙතෙක් ඒවා පලකිරීමට නොසිතුවේ , මට අනුව ඒවායේ සුවිශේෂිත්වයක් නොමැති හෙයිනි . මුහුණු පොතෙහි පණිවිඩ තබමින් , මට දුරකථන ඇමතුම් ලබා දෙමින් උක්ත ජායාරුප පිළිබද සංවේදී වූ ඔබ සැමට කිව යුතු යමක් ඇත . 1991 සිට අද දක්වා මගේ සය විසි වසක දේශපාලන ගමන ඔබ සැමට පාරදෘශ්‍ය වූවකි . එය ඉදුරාම නිකැළැල්ව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්ම මෙහෙය වීමි . අප පක්ෂයේ ස්වර්ණමය යුගයන්හිදී මෙන්ම අති දුෂ්කර අවධීන් හි පවා නොවෙනස්ව පක්ෂය සහ පාක්ෂිකයන් වෙනුවෙන් කැප වීමි . කල්ලි පිටින් කැඩී ගොස් අප අනාථ වූ සමයන් එක්සත් ජාතික පාක්ෂික ඔබ සැමට අමතක නැතැයි සිතමි .ශේෂ වූ සීමිත පිරිසද ඩෑහැ ගන්නට විවිධ යටි මගඩි ක්‍රියාත්මක වූ කලෙක , එක්සත් ජාතික පාක්ෂික ජන්ද බලයෙන් පත් වූ ඇතැම්හු තම ජන්ද දායකයන්ද පක්ෂයද අමු අමුවේ පාවා දෙමින් මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්‌ වෙද්දී , කිසිදු වරදානයක් වරප්‍රසාදයක් හමුවේ නොනැමෙන කශේරුකාවක් මා සතු වූ බව මතක් කරන්නේ අභිමානයෙනි . එක්සත් ජාතික පක්ෂයත් , නායකත්වයත් , පාක්ෂික ඔබ සැමත් මා කෙරෙහි තබා ඇති විශ්වාසය එදා බොහෝ බලවත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා හමුවේ කඩ නොකලෙමි . අද එය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඉදිරියේ කිසි සේත් කඩ නොවේ . මෙලොව සියල්ලෙහිම පරමත්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය ලෙස ද්විත්වයක් ඇත්තා සේම මේ ජායාරුප පෙළෙහි ඔබ නොදකින , ඔබට නොපෙනෙන , ඔබ සිතා මතාම මග හැර දකින තිරය පිටුපස කතාවක් ඇත . එම කතාව හුදෙක් ඉතා අනෙකාට උපකාර කිරීමේ , ආගන්තුක සත්කාරයේ , සත් කෝරලයේ අපගේ ආවේනිකත්වය හා මානව සම්බන්ධතා සුරක්ෂිත කල සරල සාමාන්‍ය අවස්ථාවක් පමණි . නමුත් මගේ ජායාරුප අවභාවිත කරමින් නොකළ යමකට මා චුදිතයකු කරන පිරිස් හමුවේ මෙය නොකියා නොහැකි හෙයින් කියමි . තම තමන් අපේක්ෂා කරන අභිමතාර්ථයන් සාක්ෂාත් කරගත නොහැකි වූ දුහුනන් මෙන්ම වැඩ නොව මඩ අවිය කොට අනුන් අභිබවන්නට හෝ විනාශ කරන්නට අර අදින්නන්ද තම තමන්ගේ දුර්වල මානසිකත්ව ප්‍රදර්ශනය කර ඇත . මෙය කිසිසේත්ම රහසිගත ගමනක් නොවේ . මේ අවස්ථාවේ මගේ නිවසේද සෑහෙන තරමේ පිරිසක්ද සිටියහ . ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිගේ මවගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වී නැවත යන අතර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමන් මගේ නිවසට ගොඩ වූයේ , කිසිදු දේශපාලන කටයුත්තකට නොවේ . වයඹ පළාත් සභා මන්ත්‍රී මා හිතවත් සුමිත් රාජපක්ෂ මහතා එතුමා මා නිවසට කැදවා ගෙනවිත් තිබුනේ හදිසි ශාරීරික අවශ්‍යතාවයක් සදහා වැසිකිළිය භාවිත කිරීම සදහාය . ඔබ විවිධ අරුත් ගැන්වූ ජායාරුපය පිටුපස ඇති සත්‍යය කථාව එයයි . අපි සියලු දෙනා මැරෙන මිනිසුන් වෙමු . ජාති කුලගොත් ආගම් පක්ෂ භේද සියල්ලට වඩා මට නම් ප්‍රමුඛ වන්නේ ද මා අගය කරන්නේද උතුම් වූ මනුෂ්‍යත්වයි . දිවි දෙවැනි කොට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවෙන , සෘජු ප්‍රතිපත්ති ගරුක ඔබේ ආදරණිය විපක්ෂ නායකවරයා , ආසන සංවිධායක වරයා තව දුරටත් විශ්වාස කරන ලෙස හිතෙෂී ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර සියලු තාන්න මාන්න පසෙක ලු කළ මා තුල ජිවත් වන මානව හිතවාදී , අවෛරී , සහකම්පිත සරල මිනිසා මරා දමන ලෙස බල නොකරන මෙන්ද ඉල්ලා සිටිමි."



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply