Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » දීගය අවසන්.... ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස එජාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්වයි...!


කරුණාකර රජයෙන් ඉවත් වන්නැයි ශ්‍රී  නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයට උවමනාවක් නැති බවක් පෙනෙන්නේ යයිද පවසන මන්ත‍්‍රීවරයා එසේනම් කල යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් හදන්නට ඉඩ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්ව යාම බවද සදහන් කරයි.

එසේ පිහිටුවන නව ආණ්ඩුවේ 2/3 බලයක් නැති විය හැකි වුවත් සරල බහුතරය සම්පූර්න කිරීම සදහා තවත් පක්‍ෂ සහ පුද්ගලයින් දැනටමත් සිටින බවද ඔහු කියා සිටී.

දැනටමත් මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂයට ඇතැයිද පවසන මන්ත‍්‍රීවරයා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බවද සදහන් කරයි.

- ලංකා සී නිවුස් වෙබ් අඩවිය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply