Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අනුරාධපුරේ වේදිකාවල මට බැන්නට මහින්දට ආයේ ජනාධිපති වෙන්නත් බෑ... අගමැති වෙන්නත් බෑ...! - දුමින්දගෙන් සැර කතාවක්



මහින්දට ආයෙමත් ජනපති වෙන්නත් බෑ අගමැති වෙන්නත් බෑ ඒක තමයි ඇත්ත අනුරාධපුරයේ ගිහින් යටිගිරියෙන් කෑ ගහලා අපිට බෑ මට වැඩක් නැහැඔය අලුත් පක්ෂයට පළාත් සභාවකින් බලයක් නැතිව ගමේ මන්ත්‍රීවරයෙක් හදාගෙන වැඩක් තියනවද? අනුරාධපුරයේ වේදිකාවක් ගහලා යටිගිරියෙන් කෑ ගැහුවට ජනාධිපති වෙන්න බැරිනම් ආපහු අගමැති වෙන්නත් බැරිනම් අපිට බැන්නයි කියල කලබලවෙන්නෙ නෑ. ඔය කියන පක්ෂයට ආණ්ඩු බලයක් නෑ පළාත් සභාවක බලයක් නෑ ජනාධිපතිවරණයක් දිනාගන්න පුළුවන් කමක් නෑ . එහෙම නම් ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හදාගෙන කිසිම තේරුමක් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර නැගෙනහිර ආසනයේ ශ්‍රාවස්තිපුර හ තේ ඇල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත්පාලන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,අනුරාධපුර පසුගියදා පැවැත්වුනු රැළියේ අපිට මොන අවලාද නැගුවත් කෑකෝ ගැහුවත් මේ රටේ 2021 වෙනකන් ජනාධිපති ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒක නවත්තන්න කාටවත් බෑ දහනව වැනි සංශෝධනයත් එක්ක මේ ආණ්ඩුව අවුරුදු හතර හමාරක් යන තුරු විසුරුවන්න බෑඉස්සරනම් ජනාධිපතිවරයාට අවුරුද්දකින් පස්සේ කැමති ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබුණා හැබැයි දැන් අවුරුදු හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ.හිටපු ජනාධිපතිතුමාගේ රැලිය ගත්තොත් තෙරෙලියෙ එතුමා බොහෝ දේවල් කතා බහ කලත් එතුමා ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ කැමතිත් නෑ හැබැයි කාරණා කීපයක් බොහොම අවංකව කියන්න ඕන අනුරාධපුරයේ වේදිකාවක් ගහලා යටිගිරියෙන් කෑ ගැහුවට අපිට බැන්නාට අපි කලබල වෙන්නේ නෑ.ඔය කියන පක්ෂයට ආණ්ඩු බලයක් නෑ පළාත් සභාවක බලයක් නෑ ජනාධිපතිවරණයත් දිනන්න පුළුවන් කමක් නෑ එහෙම නම් ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් හදාගෙන වැඩක් තියනවද
මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි ආදරෙයි. මේ කටින්ම මම උගුර ලේ රහ වෙනකම් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දය දෙන්නැයි කියලා ජනාධිපතිවරණ දෙකක්ම කිව්වනේ. 2005 කෑගැහුවා. 2010 කෑගැහුවා. 2015 නම් අපි අපේ කමට ගමේ කමට පක්ෂය ලේකම්තුමා ජයග්‍රහණය කරවන්න කියලා කතා බහ කලා. අපි කොච්චර මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරය කළත් මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයේ ජනාධිපති වෙන්න බෑ. ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද මහත්තයාට ඉල්ලන්නත් බෑ. ඒ ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත කරගන්න ඡන්දය දුන්නෙත් එතුමා වටා ඉන්නේ මන්ත්‍රීවරු මයි.
අපි යථාර්ථය පිළිගන්න ඕන ජනාධිපති වෙන්න බැරිනම් අගමැති වෙන්න පාර්ලිමේන්තුවේ බලය ලැබෙන්නේ නැත්නම් අනුරාධපුරයේ වේදිකාවේ කෑ ගැහුවට වැඩක් වෙනවා දැයි දුමින්ද ඇමැතිවරයා පැවැසුවේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply