Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මංගල මුදල් ඇමතිකමට සුදුසු නෑ - ජනපති වහාම තීරණයක් ගත යුතුයි..! බියර් නිසා සංඝ සභාව කැළඹෙයි...!



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැයෙන් බියර් මිල අඩු කිරීමට යෝජනා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය නොසලකා හැරීමක් යැයි ජාතික සංඝ සභාව ඊයේ (13) අවධාරණය කළේය. 

ආර්ථික ප්‍රතිපත්ති හා අයවැය සකස් කිරීමේදි රටේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තැකීමක් කරන්නේ නැතිදැයි ද ජාතික සංඝ සභාව විමසා සිටියේය. 

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හෑල්ලුවට ලක් කරන මංගල සමරවීර මහතා තවදුරටත් මුදල් අමාත්‍යධුරයේ තබා ගැනීම සුදුසු ද යන්න විමසා බලන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කරන බව ද ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා කීහ. 

ආණ්ඩුවලට දුරාචාරයට සහාය නොදීමේ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බව ද ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා පෙන්වා දුන්හ. 

රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා එම කරුණු කීහ.

උපුටා ගැනීම - ලංකාදීප

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply