Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයෙක් සන්නාමයක් විවේචනය කරයි.... මයිලෝ ඉවරයි...!


‘මෙරටේ පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන 'මයිලෝ' තුල සීනි අධික මට්ටමේ පවතිනවා. ඒ සමාන්‍යයෙන් 5% තිබිය යුතු මට්ටමට වඩා බෙහෙවින් වැඩි 16.5% පවතිනවා. ඒත් සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධව සොයා බලන්නේ නැහැ'' යයි ජනාධිපතිවරයා ඊයේ (11 ) දියවැඩියා දිනය වෙනුවෙන් පැවති පාගමනට සහභාගි වෙමින් චෝදනා කළේය.

පසුගිය කාලයේදී බහුජාතික කිරිපිටි සමාගම් සම්බන්ධව දැඩි ප්‍රතිපත්තියක සිටින ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය කලේ මෙරටේ සිටින ප්‍රධාන බහු ජාතික සමාගමක් වන නෙස්ලේ සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධවය.

එම සමාගම මෙරටේ ලදරු කිරිපිටි වන නෑන්, ලැක්ටෝජන මෙන්ම සීනි අධික නෙස්ප්‍රේ කිරිපිටි ද අලෙවි කරන සමාගමකි.

සීනි ප්‍රමාණය සගවා අලෙවි කිරිම:
මෑතක සිට නෙස්ලේ සමාගම 20 % සිනී මිශ්‍ර කොට කිරිපිටි ලෙස “නෙස්ප්‍රේ එවරිඩේ” නමින් කිරිපිටි අලෙවි කරන අතර පාරිභෝගිකයා නොමග යැවීම සඳහා එහි අඩංගු සීනි ප්‍රමාණය සගවා අලෙවි කිරිමට පටන්ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසිය.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ බලධාරීන් මේවනතෙක් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වී නොමැති නිසා, මයිලෝ පැකට්ටුවේ සිනි ප්‍රමාණය සියයට 5ට බස්සන තෙක් තමා රටපුරා ඊට එරෙහිව විරෝධය ගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

විවිධ සමාගම් විසින් වෙළෙඳ පොළට නිකුත් කරන කිරි පැකට්වල අන්තර්ගත සීනි ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සහ පසුගිය අයවැයෙන් තීන්දු කළ පැනි බීම බද්ධ ඊට අදාළව ක්‍රියාත්මක වීමේ අවශ්‍ය බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ උපදෙස්මත මෙවර අයවැයෙන් සීනි බද්දක් පැනවීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply