Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » » වැලිකඩ ගැටුම හදුනාගත් පිරිසක් ඝාතනය කිරීම සඳහා කල සැලසුමක්...! කොමිසම හෙළිකරයි - රජය නිහඬයි

වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම, හඳුනාගත් පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බව අනාවරණය වී තිබේ.


ඒ අදාළ ගැටුම සම්බන්ධයෙන් සෙවීමට යහපාලන ආණ්ඩුව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අනූව ය.

ඊට රාජ්‍ය නිලධාරීන්ගේ ද මැදිහත්වීමක් ඇති බව කමිටු වාර්තාව මගින් අනාවරණයවී ඇත්තේ පැහැදිලි සාක්ෂි සහිතව බව, කමිටු සාමාජික, විශ්‍රාමලත් පරිපාලන නිලධාරී, නීතිඥ එස්. කේ. ලියනගේ මහතා  සඳහන් කළේ ය.

එහෙත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව ද ඔහු පවසා තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු, විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට, විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා ද ඇතුළත් ව සිටියේ ය.

2012 වසරේ නොවැම්බර් මස 9 වන දා වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 20 කි.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලු පොලිසීයේ කිහිපදෙනෙකුටත් එහිදී තුවාල සිදු විය.

සිද්ධියෙන් අනතුරුව ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵල මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුරුව එවකට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වූ චන්ද්‍රසිරි ගජධීර මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ඒ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නීති නිලධාරී ලලිත් අන්ද්‍රාහැන්නදි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එම කමිටුවේ අතුරු වාර්තාව 2013 වසරේ පෙබරවාරි මාසයේදීත්, අවසන් වාර්තාව 2013 වසරේ නොවැම්බර් මාසයේදීත් ගජධීර අමාත්‍යවරයාට භාරදුන්න ද එයට සිදුවුයේ කුමක් ද යන්න පැහැදිලි නොමැත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ මහතා විසින් නව කමිටුව පත් කෙරුණේ 2015 වසරේ ජනවාරි 22 වැනි දා යි.

පිටු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත එහි අවසන් වාර්තාව 2015 වසරේ ජුනි 9 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේ ය.

මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ වැලිකඩ බන්ධනාගාර ගැටුම සිදුවී අදට වසර 5කි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply