Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ගුවන් නියමුවාගේ නොසැලකිල්ල නිසා කවුඩුල්ලේ අලි බලන්න ආ 600කට දෙවියන් සිහිවෙයි...! අලි ජංජාලයයි..!

පෞද්ගලික සමාගමකට අයත් අයත් ගුවන් යානයක ගුවන් නියමුවෙකු කල ක්‍රියාවන් නිසා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිටි සියයකට අධික අලි රංචුවක් කුලප්පු වී සී සී කඩ දිව ගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සංචාරකයන් පිරිසක් රැගෙන එමින් තිබූ මෙම ගුවන් යානයේ ගුවන් නියමුවා විසින් වනෝද්‍යානයේ සිටි මෙම අලි රංචුව අසලට ගුවන් යානය පහත් කර තිබෙනවා.

මේ හේතුවෙන් කුලප්පු වූ අලියන් නිසා එම අවස්ථාවේ වනෝද්‍යානයේ සිටි හයසීයක් පමණ සංචාරක පිරිසකගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වූ බව උද්‍යාන නිළධාරීන් ප්‍රකාශ කර තිබුනා.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව ජාතික වනෝද්‍යානයකට ගුවන් යානාවක් පහත් කරවීම නීතියෙන් තහනම් වූ බැවින් මෙම ගුවන් නියමුවාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කලා.

විනෝදය පිණිස හෝ මෙවැනි දේ කිරීම තුලින් ජීවිත සිය ගණනකට මහත් විපතක් සිදු වන්නට තිබුනා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply